gossiplanka alexa සජිත් පිල එජාප නායකත්වයට තම තීරණය දැනුම් දුන් පසු එජාප ජ්‍යෙෂ්ඨයන් ගත් තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් පිල එජාප නායකත්වයට තම තීරණය දැනුම් දුන් පසු එජාප ජ්‍යෙෂ්ඨයන් ගත් තීරණය

ජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් එජාප නායකත්වයට තම තීරණය දන්වා ඇති බව වාර්තා වනවා. ඒ හෙට දින එනම් සැප්තැම්බර් 13 වැනි දිනට පළමු එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් වෙනම පක්‍ෂයකින් තමන් තරඟ කරන බවයි.  මේ සම්බන්ධයෙන් ඉහළ දේශපාලන කවයන්හි සාකච්ඡාවක ඇතිව තිබෙනවා.

ඇතැම් එජාප පාර්ලිමේන්තු නියෝජිතයන් මේ බව ඇඟවෙන සටහන්ද සිය සමාජ ජාල ගිණුම්වල  තබා ඇති බව නිරීක්‍ෂණය කල හැකියි. කෙසේ වෙතත් එජාප අපේක්‍ෂකයා මේ සතිය අවසන් වන්නට පෙර නම් කරනු ඇති බවත් ඒ පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා නව පෙරමුණේ නායකත්ව මණ්ඩලය විසින් බවත් එජාප ආරංචි මාර්ග කියා සිටිනවා. 

කෙසේ වෙතත් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුයේ අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකදී තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තෝරා ගැනීම පක්‍ෂ ව්‍යවස්ථාව හා සම්ප්‍රදාය අනුව කෘත්‍යාධීකාරී මණ්ඩලය මගින් තීන්දු කිරීමටයි. 

පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවත්වුනේ ඊයේ පස්වරු 05.30ට පමණය. ඒ අනුව මෙම තීන්දුව සජිත් පිල වෙත දැන්වීමටද තීරණය කර තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu