gossiplanka alexa පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි, ගෝඨාට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අහිමි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි, ගෝඨාට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අහිමි වෙයි

ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් ඊයේ(11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබෙනවා. ඒ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා පසුගිය රාජයේ ආරක්‍ෂක ලේකම්ව සිටිමින් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි ගොනු කර ඇති නඩුව ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ඉල්ලමින් කල පෙත්සමයි. 

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් එම පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂෙප කිරීමට කිරීමට තීන්දු කර තිබෙනවා. ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නඩුව ඔක්තොම්බර් 15 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට දින නියම කර තිබෙනවා.

මෙ හේතුවෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක අවස්ථාවන්ට සහභාගී වීම සැලකිය යුතු කාලයක් අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu