gossiplanka alexa නෙළුම් කුළුණෙන් බිලියන දෙකක් හොරාකාලායයි ජනාධිපති කල ආන්දෝලාත්මක කතාවේ ඇත්ත නැත්ත

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නෙළුම් කුළුණෙන් බිලියන දෙකක් හොරාකාලායයි ජනාධිපති කල ආන්දෝලාත්මක කතාවේ ඇත්ත නැත්ත

නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධ්හිවරයා කළ ආන්දෝලානත්මක ප්‍රකාශය අලලා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ කොටසක් පහත දැක්වෙයි. ජනාධිපතිවරයා එම කතාවේ දී ප්‍රකාශ කළේ කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම ආරම්භ කිරීමේ අත්තිකාරමේදීම රුපියල් බිලියන 2 ක මුදලක් තුන්වන පාර්ශවීය සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති බව යි.

''කොළඹ නෙළුම් කුලුන ජනතා අයිතියට පවරා දෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර දෙමිනි.

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබාදීමට චීනයේ EXIM බැංකුව එකඟ වී තිබිණි. එම එකඟත්වයට අදාළ ව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වන දින චීනයේ CEIEC සහා ALIT යන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.

පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බව ය. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම් දී තිබේ. ඒ අනුව ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එනමින් කිසිදු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැර රටකින් සොයා ගැනීමට නොහැකි විය. එකී සමාගමට අදාළ ව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය.

මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන් ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදු වූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ''

නමුත් එම ප්‍රකාශය මුළුමනින්ම බැහැර කරමින් එවකට පැවති රජයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි අනූෂ පැල්පිට මහතා සඳහන් කරන්නේ අදාල සමාගම අදටද පවතින චීනයේ සමාගමක් බවයි.

ඒ බව සඳහන් කරමින් ඔහු තම ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා thibenawaa.

''නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ.

නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී එම සමාගම් දෙක නම් national electronics import and export corporation (CEIEC) සහ aerospace long march international trading company (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා දෙදහස් 10 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපති වරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ ොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට සාකච්ඡා කර ඇත.

මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත .

ALIT සමාගමේ සභාපති වරයා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති එවකට අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම්. ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ බීජිං නුවරALIT ප්‍රධාන කාර්යාල තුළදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද මෙහි පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරි සංදේශ නියාම කොමිසන් සබාවේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකුගෙන් වාචිකව විමසීම් කළෙමි. 2012 වර්ෂයේ මුල් අත්තිකාරම කැබිනට් අනුමැතිය සහ කොමිෂන් සභාවේ එකඟත්වය අනුව CEIEC සමාගමේ ගිණුම් අංකයට බිලියන 2 ක මුදල ගෙවීම් කර ඇත.

2012 වර්ෂයේ සිට මේ දක්වා එනම් 2019 වර්ෂය දක්වානෙළුම් කුළුණ ඉදි කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවා ට ගෙවන ගෙවීම් සිදුකර ඇත්තේ ද. CEIEC සමාගමේ එකම බැංකු ගිණුමකට සහ එකම ගිණුම් අංකය කටය මුදල් ගෙවීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇත.මෙහිදී කිසිදු මුදල් වංචාවක් හෝ අවභාවිතාවක් සිදුනොවූ බව අදාළ නිලධාරීන් මා වෙත තහවුරු කළේය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මට පැවසිය හැක්කේ අතිගරු ජනාධිපතිතුමාට වැරදි තොරතුරු ලබාදුන් නිලධාරීන් දැන්වත් ඉදිරියට පැමිණ මෙය නිවැරදි කළ යුතුය. චීන තානාපතිවරයා ඉදිරියේ චීනයට සිදු වූ අවමානය ගැන මට ඇත්තේ බලවත් කණගාටුවකි''
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu