gossiplanka alexa ‘‘ජනාධිපතිවරණයදෙී කාටවත් 40% කට වඩා ගන්න බැහැ'' තීරකයා ශ්‍රීලනිපය බව ජනපති කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

‘‘ජනාධිපතිවරණයදෙී කාටවත් 40% කට වඩා ගන්න බැහැ'' තීරකයා ශ්‍රීලනිපය බව ජනපති කියයි

නාධිපතිවරණයට ඉදිරිපත්වීමට දැනට නම් කර ඇති කිසිදු අපේක්ෂකයකුට සියයට හතළිහකට වඩා ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත නොහැකි බව සමීක්ෂණ වලින් හෙළිවී ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේ තීරකයා වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) රත්නපුරයේදී පැවැති සමුළුවකට එක්වෙමින්.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙපාර්ශවයෙන්ම ආරාධනා ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු සාකච්ඡාවකට එක්ව නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා වට කිහිපයකට එක්ව සිටින්නේ අංක 01ට මාතෘ භූමියත්, අංක 02ට පක්ෂයේ අනන්‍යතාවයත් තබමින් බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළා.

ජනාධිපති වෙන්න උත්සාහ ගන්නා ඔය කොයි කවුරු කොහොම කෑගැහුවත් ශ‍්‍රීලනිපයේ සියයට 12 ත් 15 ත් අතර ඡන්ද ප‍්‍රතිශතය අවශ්‍යම වෙනවා. ශ‍්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත අයගේ මන්ත‍්‍රී ධුර බේරිලා තියෙන්නෙ එයාලා අපේ මිනිස්සු නේද කියලා හිතලා කටයුතු කරපු නිසයි.

 මම පාර්ලිමේන්තුව විසිරවපු වෙලාවෙ බොහෝ දෙනෙක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. එවෙලේ කථානායකතුමා ඇසුවා මේ අය පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ කුමන පක්ෂයෙන්ද කියලා. ඒ වෙලාවේ එක්සත් ජනතා සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා කථානායකවරයාට යවපු ලිපිය නිසයි ඒ අයගේ මන්ත‍්‍රී ධුර ආරක්ෂා වෙලා තියෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu