gossiplanka alexa චීනයට දරුණු සුළි කුණා‍ටු තත්ත්වයක්, ගුවන් ගමන්, දුම්රිය සේවා අවලංගු කෙරේ - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයට දරුණු සුළි කුණා‍ටු තත්ත්වයක්, ගුවන් ගමන්, දුම්රිය සේවා අවලංගු කෙරේ - PHOTO

පැයට කිලෝමීටර් 187 ක වේගයෙන් "ලෙකීමා" සුළි කුණාටුව  අද (10) අලුයම් කාලයේදී චීනය තුලට ඇතුල්වූ බවයි කාලගුණ විද්‍යා බලධාරීන් පවසනවා. මේ හෙතුවෙන් මිලියනයකට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යැවීමට එරට බලධාරීන්ට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200කට අධික වේගයක් ගනු ඇති බවට අනාවැකි පළකර තිබුනත් එහි වේගය යම් තරමින් අඩුවීමක් දක්නට ලැබූ බවයි බලධාරීන් සඳහන් කර සිටිනවා. මේ වන විට ලෙකීමා සුළි කුණා‍ටුවෙන් 13 දෙනෙක් මියගොස් ඇති බව සඳහන්. වෙන්ෂෝ ප්‍රාන්තයේ වේල්ලක් කඩා වැටීමෙන් ඒ අසල ජීවත්වූ පුද්ගලයින් 16 දෙනෙක් අතුරුදහන්ව ඇති බවද ආපදා බලධාරීන් සඳහන් කර සිටිනවා.

මේ වන විට ලෙකීමා සුළි කුණාටුව ක්‍රමක් ක්‍රමයෙන් සෙජියැන්ග් පළාත හරහා උතුරු දෙසට ගමන් කර  මිලියන 20 කට වඩා අධික ජනගහනයක් සිටින ෂැංහයි නගරයට ඇතුල් වෙනු ඇති බවයි කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ.මෙම ප්‍රභල සුළි කුණාටුව හේතුවෙන් චීන බලධාරීන් විසින් ගුවන් ගමන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සහ දුම්රිය සේවාවන් රැසක් අවලංගු කිරීමට පියවර ගනු ලැබුවා.

සුළි කුණාටුව නිසා නිවාස ලක්ෂ 27 කට විදුලි සැපයුම ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ගස් කඩා වැටීම සහ මාර්ග යටවීම් හේතුවෙන් ප්‍රවාහන කටයුතු වලට දැඩි බාධා එල්ලවී තිබෙනවා.

ලෙකීමා සුළි කුණාටුවට අමතරව චීනයේ උතුරු මරියානා සහ ගුආම් දුපත් ආසන්නයේ ඇතිවී තිබෙන " ක්‍රෝසා" සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවති. මෙම " ක්‍රෝසා" සුළි කුණාටුව ජපානයේ වයඹ දිග කලාපයට ඇතුල් වීමට ඉඩ ඇති බවයි කාලගුණ බලධාරීන් සඳහන් කර සිටින්නේ.

















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu