gossiplanka alexa පොහොට්‍ටුවේ සම්මේලනයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට විනය පියවර ගන්නා ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොහොට්‍ටුවේ සම්මේලනයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට විනය පියවර ගන්නා ලකුණු

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (11) මාරවිල ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් සඳහන් කළේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට විනය පියවර ගැනිමට පසුබට නොවන බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සමුළුවක් සංවිධානය කිරීමට අයිතියක් ඇති නමුත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකර මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනා දියවීම සදාචාරසම්පන්න නැති බවද ඔහු පැවසුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් සාකච්ඡා කිරීමට ඇත්තේ කුමක්දැයි ප්‍රශ්නයක් ඇතැයි මන්ත්‍රිවරයා පවසනවා. 

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරයට සහභාගීවීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් ප්‍රථමයෙන්ම සිදුකළ යුත්තේ තමා ඇතුළු පිරිසට නොව, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ගොස් අසුන් ගත් පිරිසට බවයි.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu