gossiplanka alexa ''මගේ ජීවිතේ පළමුවරටයි ඒ වගේ දෙයක් සිදුවුණේ'' - කේන් විලියම්සන් සංවේදී වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''මගේ ජීවිතේ පළමුවරටයි ඒ වගේ දෙයක් සිදුවුණේ'' - කේන් විලියම්සන් සංවේදී වෙයි

වසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ගේ 29 වැනි උපන්දිනය යෙදී තිබුණු පසුගිය දිනක ශ්‍රී  ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සමඟින්  පුහුණු තරඟයක් පැවැත්වුණා. එම තරඟය අතර තුර  ශ්‍රී  ලාංකේය ප්‍රේක්ෂකයන් එම තරගය පැවැති ක්‍රීඩාංගණයේදී සුවිශේෂී උපන්දින සුබපැතුමක් කේන් විලියම්සන් වෙනුවෙන් එක් කලා. 

ඒ පිළිබඳ මාධ්‍ය වෙත  අදහස් දැක්වූ නවසීලන්ත නායකයා කියා සිටියේ මෙවන් කතාවක්. 

“එය අතිවිශිෂ්ටයි. ක්‍රීඩාංගණය වෙත කේක් එකක් ගෙනැවිත් ඔවුන් මාව පුදුම කළා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න කැමැතියි. පන්දු රකිමින් සිටින අවස්ථාවේදී නරඹන්නන් කේක් එකක් ගෙනැවිත් මාගේ උපන්දිනයට සුබපතනවා ඇසුණා. එම නිසා ඔවුන් අසලට ගොස් හමුවීමටත් කේක් එක ඔවුන් සමඟ බෙදාගැනීමටත් කටයුතු කළා.  

මගේ ජීවිතයේ පළමු වරටයි නරඹන්නන් විසින් උපන්දිනයට සුබපතා කේක් කැව්වේ.පුහුණු තරගයක් වුවත් එය නැරැඹීම සඳහා සැලකිය යුතු ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහභාගි වී සිටියා. එමෙන්ම ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට කොයිතරම් ළැදිද කියා ඉන් පැහැදිලි වෙනවා. මම ගොඩක් පුදුම වුණා වගේම ලොකු සතුටක් අත්වින්දා. ශ්‍රී  ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉතා ආදරණීයයි” 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu