gossiplanka alexa ජනාධිපති අපේක්ෂක ගෝඨා ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ පළමු පොරොන්දු පත්‍රය - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති අපේක්ෂක ගෝඨා ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ පළමු පොරොන්දු පත්‍රය - VIDEO

තිහාසික සමුළුවේ දී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂත්වයට තමාව පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පිරිනමන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබීය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම සමුළුව ආරම්භ කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ, ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පත් කරනු ලැබීය.

එහිදී ‍රැස්ව සිටි පිරිස අමතමින් කතා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා

''විප්ලවීය වෙනසක් නිර්මාණය කරන්න මට බාර දීම යුග මෙහෙවරක් ලෙස මා සලකනවා. මම මේ රටට ආදරය කරනවා. මට රට ගැන දැක්මක් තියනවා. මෙය මව්බිමට සෞභාග්‍ය උදා කිරීමට ඇති අවස්ථාවක් ලෙස මා භාරගන්නවා. ජනතාව ඉදිරියේ අවශ්‍ය නායකත්වය සැපයීමට මා සුදානම්. ඒ ගැන  මම ඉතා වගකීමෙන් පවසනවා. මා සෑමවිටම  සීමාවලට කොටු නොවී වැඩ කරනවා. 

මේ රටට එරෙහි වන කිසිවෙකුට මා හිස නැමුවේ නැහැ, ඒ වගේම අනාගතයේ දීත් රටේ සෛවරීයභාවයට අත තියන කිසිවෙකුටත් මා ඉඩ දෙන්නේ නැහැ. අද වන විට රටට අවශ්‍ය වන්නේ විනයගරුක දුෂණයෙන් තොර දේශප්‍රේමී නායකත්වයක්.  ජනාධිපතිවරයාගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ එවැනි ගුණාංග. අපේ රජයක් තුළ පළමු කාර්යභාරය වන්නේ රටේ පුර්ණ ආරක්ෂාවක් තහවුරු කිරීමයි. යළිත් ලංකාව ලෝකයේ සුරක්ෂිතම රට බවට පත් කළ හැකි බව මා ඉතා විශ්වාසයෙන් පවසනවා.  දූදරුවන්ගේ ආරක්ෂාව මා බාර ගන්නවා. 

විවිධ ආගම් අදහන පුද්ගලයින් අපේ රටේ සිටිනවා.එකිනෙකාගේ සංස්කෘතියට ගරු කළ පිරිසක් ඇති කළ යුතුයි. අපගේ ශක්තිය විය යුත්තේ එයයි. උතුරේ ජනතාවට විශේෂිත වු ගැටළු තියෙනවා. එම ගැටළු නිසැකයෙන්ම විසඳා දැමීමට තම රජයක් තුළින් ක්‍රියාකරනවා. රටේ අනාගත පරපුර දැනුමින් පෝෂණය කිරීමට විශේෂ අවධානයක් යොමු කරනවා. 

කාන්තාවකට බිය නැතුව ඕනෑම තැනක යා හැකි රටක් අපි ගොඩ නගනවා.කිසිදු රටකට සෛවරීත්වය බිඳ දැමීමට ඉඩ දෙන්නේ නැහැ. කිසිදු රටක් ඉදිරියේ දණ නොගසන යුගයක් නැවත ඇති කරනවා. ඉදිරියේ එන ජනාධිපතිවරණය රටට ඉතාම තීරණතාමකයි. එය රටේ අනාගතය තීරණය කරනු ඇති.  ඒ වෙනුවෙන් සියලු දෙනාට පක්ෂ භේදයෙන් තොරව අත්වැල් බැඳගන්නවා. 

සමස්ත මැතිවරණ ව්‍යාපාරයම විනය ගරුක ලෙස පවත්වා ගෙන යෑමට මා කටයුතු කරනවා.මැතිවරණ ව්‍යාපාරය තුළ පරිසර ආරක්ෂණයට මුල් තැන ලබා දෙමින් කටයුතු කරමු'' යනුවෙන් පවසා සීටියා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu