gossiplanka alexa දිස්ත්‍රික් තුනකට නාය යෑමේ අනතුරු ඇඟවීම්, ගංගා ආශ්‍රිත ජනතාවට විමසිලිමත් වන ලෙස නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිස්ත්‍රික් තුනකට නාය යෑමේ අනතුරු ඇඟවීම්, ගංගා ආශ්‍රිත ජනතාවට විමසිලිමත් වන ලෙස නිවේදනයක්

නිරිතදිග මෝසම සක්‍රීයවීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකට මේවන විට වැසි සහිත කාලගුණික තත්ත්වක් ඇති වී තිබෙනවා. උද්ගතව ඇති වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ කැලණි, ගිං සහ කළු යන ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් එම ගංගා දෙපස පහත් බිම් වල ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. 

මේ අතර නුවරඑළිය,රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇගවීම් නිකුත්කර තිබෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම සබරගමුව පළාත් වලටත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට ඉදිරි පැය කිහිපයේදී මිලි ලීටර් 150ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි. 

මේ අතර වැසි තත්ත්වය සමග  කැලණි ගඟ දැරණියගලින්, කළු ගඟ රත්නපුරයෙන් සහ ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් විමසිලිමත් වියයුතු ජල මට්ටම දක්වා පැමිණ ඇති බැවින් පහත් බිම් ආශ්‍රිත ජනතාව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ගතවූ පැය කිහිපයක තුළ පහත්බිම් ජලයෙන් යටවීම් , නායයාම් ඇතුළු සිද්ධී කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.   





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu