gossiplanka alexa ගෝඨා එක්ක තරඟ කරන්න හමුදාවට සම්බන්ධකෙනෙක් ඉදිරිපත් කරන්න- සරත් ෆොන්සේකා නොකියා කියන්නේ කුමක්ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨා එක්ක තරඟ කරන්න හමුදාවට සම්බන්ධකෙනෙක් ඉදිරිපත් කරන්න- සරත් ෆොන්සේකා නොකියා කියන්නේ කුමක්ද?

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටින්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හමුදාවට සම්බන්ධ නැති දේශපාලනඥයකු ඉදිරිපත් වුවහොත් ඉන් ගෝඨාභයට වාසිදායක තත්ත්වයක් උදාවන බවයි.  

කැලණිය දළුගම්ගොඩ ශී‍්‍ර ධර්මාරාම විහාරයේ දාන ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව එහි විහාරාධිපති කතළුවේ නිමලසිරි හිමියන් හා කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිනි, ශාන්ති කුමුදිනී මෙනවිය, උප සභාපති ලංකා විජිත කුමාර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීර මහතාගේ පෞද්ගලික ලේකම් චමත් අල්විස්, ව්‍යාපාරික පරාක‍්‍රම සමරවීර යන මහත්වරුන් සමග සුහද කතාබහකදී කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා එලෙස පැවසුවා.

ඔබ සමග දේශපාලන වේදිකාවේ ඔබට පසුපසින් සිටි පළාත් සභා මන්තී‍්‍රවරයා මෑතක සිට දකින්නට නැත්තේ ඇයි දැයි කියා ප‍්‍රශ්න කිරීමේදී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ ‘එයා මාත් එක්ක පත්තර ටී වී වල පින්තූරවලට පෙනී සිටියා. දැන් එන්නේ නැහැ. ළඟදී ඡන්දයක් තියෙනවානේ. එයාගේ බලාපොරොත්තුව ඉටු නොවන නිසා එයා එන්නේ නැහැ.’ කියාය. 

කෙසේ වෙතත් ඇතැම් දේශපාලඥයින් පවසන්නේ සරත් ෆොන්සේකා මහතා මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීමෙන් පෙනී යන්නේ ඔහුට එජාපයෙන් ජනාධිපති අපේක්ෂක ධූරයට ඉල්ලුම් කිරීමට අපේක්ෂාවක් ඇති බවයි යනුවෙනි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu