gossiplanka alexa ඇමසන් ගින්න ව්‍යාප්තවීම පි‍ටුපස ප්‍රංශ ජනපති ආර්යාවගේ සම්බන්ධයක්, බ්‍රසීල ජනපති ප්‍රංශ ජනපති සමඟ ගැ‍ටුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමසන් ගින්න ව්‍යාප්තවීම පි‍ටුපස ප්‍රංශ ජනපති ආර්යාවගේ සම්බන්ධයක්, බ්‍රසීල ජනපති ප්‍රංශ ජනපති සමඟ ගැ‍ටුමක්

මසන් වනාන්තරයේ ව්‍යාප්ත වී ඇති ගිනිගැනීම් මැඩපැවැත්වීම සඳහා බ්‍රසීලයට අමෙරිකානු ඩොලර් මිලියන 22 ක ප්‍රතිපාදන ලබා දීමට ජී 7 නායකයින් ඊයේ එකඟවුණා. ඒ බව ප්‍රකාශයට පත් කළේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින්. ප්‍රංශ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කිරීමත් සමඟම බ්‍රසීල ජනාධිපතිවරයා ඉතා කෝපයට පත් වී තිබෙනවා. බ්‍රසීල ජනාධිපතිවරයා ලෝක නායකයින්ගේ ප්‍රතිපාදන ප්‍රතික්ෂේප කළ අතර ඇමසන් වනය තුළ ඇවිලෙන ගින්න පාලනය කිරීමට බ්‍රසීලයට හැකි බව ද පවසා තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් අතර කලක පටන් පවතින මතභේදාත්මක තත්ත්වයක් මත බ්‍රසීල ජනාධිපතිවරයා මෙම මූල්‍ය ප්‍රතිපාදන ප්‍රතික්ෂේප කර ඇති බවයි.  ප්‍රංශ ජනාධිපතිවරයාගේ බිරිඳ පදනම් කරගනිමින් බ්‍රසීල ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් නිසා මෙම මතභේදය හටගෙන තිබෙන බවයි. පසුව ප්‍රංශයේ නොටර්ඩෑම් දේවස්ථානය ගිනි ගැනීම සම්බන්ධයෙන් ද බ්‍රසීලය, ප්‍රංශ ජනාධිපතිවරයා වෙත ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් වන විනාශයට හා පතල කැනීම් සඳහා අනුබල දෙන බවටයි ප්‍රංශ ජනාධිපතිවරයා දිගින් දිගටම බ්‍රසීල ජනාධිපතිවරයා හට චෝදනා එල්ල කළේ. 

ගින්න නිවීමට තමන්ට හැකි බව බ්‍රසීල ජනාධිපති ප්‍රකාශ කළත් මේවනතෙක් ගිනි ගැනීම් පාලනය කිරීමට බ්‍රසීලයට හැකි වී නැහැ. නාසා ආයතනය විසින් නිකුත් කර ඇති නවතම චන්ද්‍රිකා ඡායාරූප පෙන්වා දෙන පරිදි ඇමසන් වනාන්තරය තුළ තවදුරටත් ගිනි ගැනීම් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මූල්‍ය ප්‍රතිපාදන ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ බ්‍රසීල ජනාධිපතිවරයා වෙත චෝදනා එල්ල වෙමින් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu