gossiplanka alexa ගෝඨාභයට ශ්‍රීලනිප සාමාජිකත්වය ගන්න ආරාධනාවක්, සාකච්ඡා සුභ වුවහොත් ගෝඨාට නියත ජයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභයට ශ්‍රීලනිප සාමාජිකත්වය ගන්න ආරාධනාවක්, සාකච්ඡා සුභ වුවහොත් ගෝඨාට නියත ජයක්

මේ වන තුරුත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවන නිසා ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගන්නැයි ආරාධනා කරන බව  එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ඉදිරි දින කිහිපයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා සාර්ථක වුවහොත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට  අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසනවා. 

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීමට අදහසක් නැති බවත් ගෝටාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡාව සුබවාදී ලෙස අවසන් කරන්නට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් පවසනවා. කෙසේ වෙතත් එම සාකච්ඡා අසාර්ථක වූවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අදහස් කරන බවද ඔහු කියා සිටියා. 

නමුඉත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද පූර්ණ කැමැත්ත ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියස. ශ‍්‍රීලනිප සහයෝගය කිසිසේත්ම සජිත් ප්‍රේමදාසට හෝ අනුර දිසානායකට හෝ රනිල් වික්‍රමසිංහට ලබා දීමේ කිසිදු සූදානමක් නැතැයි ඉතා සතුටින් ප‍්‍රකාශ කරන බවද මන්ත‍්‍රීවරයා පැවසුවා. 

2018 පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පලාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ ඡන්ද ලක්‍ෂ 50ක් ලබා ගත් අතර ශ‍්‍රීලනිපය හා සන්ධානය ලක්‍ෂ 15ක පමණ ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගත්තේය. යම් හෙයකින් මෙමෙ පක්ෂ දෙක එකතු වී මෙවර මැතිවරණයෙන් ද මෙසේ ඡන්ද හිමි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට නියත ජයක ත්වනු ඇත. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu