gossiplanka alexa බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා රනිල්ට මිලියන 75ක් දීම ගැන හෙළි කිරීමට සූදානමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා රනිල්ට මිලියන 75ක් දීම ගැන හෙළි කිරීමට සූදානමක් ?

2015 ජූලි 23 වැනිදා කොළඹ 03, පස්වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගොස් අර්ජුන් ඇලෝසියස් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන 75ක මුදලක් භාර දී ඇති බව මව්බිම පුවත්පත වාර්තා කරනවා. 

මහ බැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිත අර්ජුන් ඇලෝසියස් එදින රාත්‍රියේ අටට පමණ රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට පැමිණෙන බව දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ වලට ඒ බව දැනුම් දී ඇති බවද සඳහන් වේ. මව්බිම් පුවත්පත තව දුරටත් වාර්තා කරන්නේ පසුව අර්ජුන් ඇලෝසියස් පැමිණ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ කාමරයකට ගොස් මිලියන 75 ක මුදල ප‍්‍රමාණයක් ලබා දී ඇති බවයි. 

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් හා තවත් බොහෝ තොරතුරු සිංගප්පූරුවේ සිට හෙළි කිරීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සූදානම්වන බවද මව්බිම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu