gossiplanka alexa අගරදගුරු හිමිපාණන්ගේ ඉල්ලීමට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රතිඥාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගරදගුරු හිමිපාණන්ගේ ඉල්ලීමට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රතිඥාවක්

තෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ  මහතා එයට පිළිතුරු වශයෙන් මාධ්‍ය නිඔවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

''මාධ්‍ය නිවේදනය

කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි මාගේ අවධානය යොමු විය.

මුළු රටම කම්පනයට පත් කරමින් අහිංසක ජනතාව මරුමුවට හා අතිබිහිසුණු ලෙස තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා සිදුවූ මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය නිසා මිය ගිය අයගේ ඥාතීන් සහ පීඩනයට පත්වී ඇති ජනතාවගේ ඉල්ලීම තවමත් ඉටු නොවීම නිසා උන්වහන්සේ පත්වී ඇති අපහසුතාව සහ පීඩනය මට තේරුම් ගත හැකිය.

එම නිවේදනය මගින් ඉල්ලා සිටිනුයේ මෙම ප්‍රහාරය පිටුපස සිටි සහ ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග්‍රහය දැක්වූ අය, වගකීම් පැහැර හැර සිය රාජකාරිය ඉටු නොකළ අය, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන හෝ ගෙන නිදහස් කළ අය, සෙවීම සහ නිර්දේශ ඉදිරපත් කිරීම සහ වැරැදිකරුවන් වන අය නීතියේ අධිපත්‍යෙය් යටතට ගෙනඒමට බලයත් ජනතා අධිකාරී බලයක් ඇති ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි.

අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම කරනු ලබන්නේ පීඩනයට පත් සිය කතෝලික ජනතාව සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිස බව මම තරයේ විශ්වාස කරමි.

එපමණක් නොව මෙවැනි ව්‍යසනයක් ඉදිරියේදී ඇති නොවීමට වගබලා ගන්නා ලෙසද මෙම ඉල්ලීම මගින් අවධාරණය කර තිබේ.

රට තුළ තිබූ අවුරුදු 30ක කුරිරු ත්‍රස්තවාදය අවුරුදු 3ක් තුළ අවසන් කිරීමට මූලිකවම දායක වූ මමද මෙම කරුණ හොඳින් වටහා ගෙන ඇති අතර රජයෙන් ඉල්ලා සිටිනු ලබන්නේ අති උතුම් කාදිනල් හිමිපාණන් විසින් කලක් .තිස්සේ කරනු ලබන මෙම සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග එක්ව ක්‍රියාකර කුරිරු ත්‍රස්තවාදය පරාජය කරමින් රටේ ජනතාවට බියෙන් සැකෙන් තොර නිදහසේ ජීවත්වීමේ අවස්ථාව සලසාදීමට හැකි වූ බව රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස කර ඇති සාධාරණ ඉල්ලීම ඉදිරියේදී අප රජයක් බලයට පත්වූ විට නොපමාව ඉටු කිරීමට පමණක් නොව මේ රටේ සමස්ථ ජනතාවටම ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන බවද ඉඳුරාම ප්‍රකාශ කරමි.

ගෝඨාභය රාජපක්ෂ,
ජනාධිපති අපේක්ෂක''


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu