gossiplanka alexa ජනාධිපතිවරණය අප්‍රේල් දක්වා කල් යැවීමට ජනාධිපති මත විමසුමක්?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණය අප්‍රේල් දක්වා කල් යැවීමට ජනාධිපති මත විමසුමක්?

ත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත මතය විමසීමක් ඉදිරියේදී සිදු විය හැකි බැවින් ජනාධිපතිවරණය ලබන අප්‍රේල් දක්වා කල් යා හැකි බව එක්සත් ජාතික  පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එය මෙම දෙසැම්බරයේ පැවැත්වෙන බවයි. 

ඇතැම් විට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකවර පැවැත්වීමටද ඉඩ තිබෙන බවයි මෙම අමාත්‍යවරයා සඳහන් කළේ. ජනාධිපතිවරයා සිය ධුර කාළය පිළිබඳ මීට පෙර අවස්ථාවකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් වූ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් එය වසර 05ක් දක්වා අඩු කෙරුණ බැවින් සිය ධුර කාලය වසර 05ක්ද නැතහොත් 06ක් දැයි තහවුරු කර ගැනීම සඳහායි ජනාධිපතිවරයා එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියේ. 

ජනාධිපතිවරයා කළ විමසීමට අනුව කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද අදාල වන බැවින් ඔහුගේ ධූර කාලය වසර 05කට සීමා වන බවයි. 

ඒ අනුව නැවත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට බලාපොරොතු වන්නේ මේ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය බලපැවැත් වෙන්නේ කවදා සිට ද සහ ඊට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන්නේ කවදාද? යන්න බවයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu