gossiplanka alexa ටෙස්ට් ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලියේ දී කණ්ඩායම්වලට ලකුණු හිමිවන්නේ මෙහෙමයි, අඩුම තරඟ සංඛ්‍යාව ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ටෙස්ට් ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලියේ දී කණ්ඩායම්වලට ලකුණු හිමිවන්නේ මෙහෙමයි, අඩුම තරඟ සංඛ්‍යාව ලංකාවට

න්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය (අයි.සී.සී) පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව (World Test Championship) අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි නිල එළිදැක්වීම නොබෝදා සිදු වුණා. 

මෙම තරඟාවලිය සඳහා අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින ඉන්දියාව, නවසීලන්තය, ද. අප්‍රිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය, බ.ඉ.කොදෙව් හා බංග්ලාදේශය යන කණ්ඩායම් සහභාගි වීමට නියමිතයි. මෙම රටවල් 9ට තරඟාවලි 27ක් යටතේ තරඟ කිරීමට සිදුවන අතර ඒ සඳහා තරඟ 72ක් පැවැත්වෙනවා. 

මෙහි පළමු තරඟය  ආරම්භ වන්නේ හෙට (01දා) එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර එංගලන්තයේදී ආරම්භ වන 'අළු බඳුන' තරගාවලියෙන්. තරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවක් එංගලන්තයට, ඔස්ට්‍රේලියාවට හා ඉන්දියාවට හිමිවී තිබෙනවා. ඒ පිළිවෙළින් 22, 19 හා 18ක් ලෙසිනි.  ඊට අමතරව ද. අප්‍රිකාවට 16ක් හා බ.ඉ. කොදෙව් සඳහා 15ක් බැගින් හිමි වී තිබෙනවා.  නවසීලන්තයට හා බංග්ලාදේශයට හිමිව ඇත්තේ තරඟ 14ක්. තරගාවලියේ අවම තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට හා පකිස්තානයට හිමිවී ඇති අතර එය ගණනින් 13 කි.

මෙහි ප්‍රසාද ලකුණු ලබාදීමේ ක්‍රමවේදයට අනුව තරග දෙකකින් යුත් තරගාවලියක ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 60ක්ද, ලකුණු සමවීමකට ප්‍රසාද ලකුණු 30ක්ද, ජය පැරැදුමින් තොර වීමකට ප්‍රසාද ලකුණු 20ක්ද බැගින් හිමි වන්වා. තරග තුනකින් යුත් තරගාවලියක ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 40ක්ද, ලකුණු සමවීමකට ප්‍රසාද ලකුණු 20ක්ද, ජය පැරැදුමින් තොර නිමාවකට ප්‍රසාද ලකුණු 13ක්ද බැගින් හිමි වනවා.තරග හතරකින් යුත් තරගාවලියක ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 30ක්ද, ලකුණු සමවීමකට ප්‍රසාද ලකුණු 15ක්ද, ජයපැරැදුමින් තොර නිමාවකට ප්‍රසාද ලකුණු 10ක්ද බැගින් හිමි වනවා.තරග පහකින් යුත් තරගාවලියක ජයග්‍රහණයකට ප්‍රසාද ලකුණු 24ක් බැගින්ද, ලකුණු සමවීමකට ප්‍රසාද ලකුණු 12ක්ද, ජය පැරැදුමින් තොරවීමකට ප්‍රසාද ලකුණු 08ක් බැගින්ද ලකුණු ලබා දෙනු ඇති. 

තරඟාවලියේ මූලික වටයේ තරග 71කින් ලීග් ක්‍රමයට පැවැත්වීමෙන් අනතුරුව තරගාවලියේ අවසන් මහා තරගය 2021 වර්ෂයේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu