gossiplanka alexa විනිසුරුවරුන්ගේ වැරදි තීරණය නිසා මෙවර නවසීලන්තයට අහිමි වුණු ක්‍රිකට් කිරුළ ගැන මතභේද

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විනිසුරුවරුන්ගේ වැරදි තීරණය නිසා මෙවර නවසීලන්තයට අහිමි වුණු ක්‍රිකට් කිරුළ ගැන මතභේද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ ජයග්‍රහණය එංගලන්තයට ලැබුණේ හරිම පුදුම ආකාරයකට. කිසිම දිනක නොවූ දෙයක් තමයි මේ වසරේ අවසන් මහා තරඟයේ දී සිදු වුණේ. එංගලන්ත නවසීලන්ත කණ්ඩායම් දෙකෙහි ලකුණු ප්‍රමාණය සමාන වීම නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. 

මේ තරඟයේදී ජයග්‍රහණය සදහා එංගලන්තයට පන්දු 3කදී ලකුණු 9ක් ලබාගතයුතුව තිබු අවස්ථාවේ ස්ටොක්ස් ලකුණු දෙකක් කරා දිව යමින් සිටියේදී මාර්ටින් ගප්ටිල් කඩුල්ලට එල්ල කල පන්දුව පිත්තේ වැදී හතරේ සීමාව කරා ඇදී ගියා. මේ අවස්ථාවේ ලකුණු 6ක් ලබාදෙමින් විනිසුරුවන් වැරදි තීරණයක් ලබා දුන් බවයි ක්‍රිකට් විශාරදයින් පෙන්වා දෙන්නේ. එහි දී එංගලන්තයට ලැබිය යුත්තේ ලකුණු 05ක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඊයේ තරඟයේදී බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ පන්දුව වදින අවස්ථාව වන විට ඔහු එක ලකුණක් සම්පුර්ණ කර තිබු අතර දෙවෙනි ලකුණු සම්පුර්ණ කර තිබුනේ නැහැ.  ක්‍රිකට් නීතිපොතේ 19.8 වගන්තියට අනුව පිතිකරුවකු ලකුණු ලබාගැනීමට දිවයමින් සිටියදී පිතිකරුවාගේ ඇගේ හෝ පිත්තේ ඔහුගේ අනුදැනුමකින් තොරව පන්දුව වදින අවස්වථාට පෙර ඔහු සම්පුර්ණ කර තිබු ලකුණු ගණන සහ පන්දුව වැදුණු පසු ඔහු ලබාගන්න ලකුණු ගණන ඔහුට ලැබෙනු ඇති. මේ අනුව පන්දුව හතරේ සීමාවට ගිය පසු ඔහුට හිමි විය යුත්තේ ලකුණු 5ක් පමණි.  

නමුත් එම අවස්ථාවේදී ප්‍රධාන විනිසුරු ලෙස ක්‍රියා කල කුමාර් ධර්මසේන එම ලකුණු හය ලබාදුන්නේ අනෙක් විනිසුරු වූ මරයෙස් එරාස්මස්ගෙන් උපදෙස් ලබාගැනීමෙන් අනතුරුවයි. එම ලකුණත් සමගයි තරඟයේ තීරණයට සුපිරි පන්දුවාරයට යාමට සිදුවුණේ. 

එසේ නොවුණි නම් එක ලකුණ කින් නවසීලන්තයට ජයග්‍රහණය හිමිවීමට ඉඩ තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu