gossiplanka alexa නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය ප‍්‍රථම ස්ථානය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය ප‍්‍රථම ස්ථානය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ගිණුම් කාරක සභාව මගින් නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා සම්මාන ප්‍රධානෝත්සවයක් සංවිධානය කළා.

මේ සඳහා අමාත්‍යංශ 48 ක්  සහභාගී වූ අතර එයින් අමාත්‍යංශ 03ක් තෝරා සම්මානයට පාත‍්‍ර කළා. එහි ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සමත් වුනා.

මෙම සම්මාන ප්‍රධානෝත්සවයෙන් පසු ඒ පිළිබඳ අදහස් දක්වමින් පුවත්පත් වාර්තාවක පල කර තිබුණේ අමාත්‍යාංශයේ ඇමතිවරයා ඇතුළු සෙසු නිලධාරීන්ගේ ඉහළ අධ්‍යාපන මට්ටම් ද මෙම ජයග්‍රහණය සඳහා හේතු වූ බවයි.

එම හෙළිදරව්ව අනුව අමාත්‍යංශයේ ඇමතිවරයා වන පාඨලී චම්පික රණවක සහ අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ ඇතුලු සෙසු කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු ඉංජිනේරුවන් වීම විශේෂ කරුණක්. 

2015, 2016, 2017, 2018 වසරවලදී නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වෝටර්ස් ඒජ් හෝටලය, එල්.එල්.ආර්.ඩී.සී සමාගම හා රෙඩෙකෝ ආයතන 2014 වසරට හා ඊට පෙර වසරවලට සාපේක්ෂව කිහිප ගුණයකින් ලාභාංශ ඉහළ නංවාගෙන තිබෙනවා.

ඒ අනුව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් පරිපාලිත සියලූම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කර තිබෙනවා. 

අමාත්‍යවරයා සඳහන් කරන්නේ විධිමත් සංවර්ධනයක් රටපුරා සිදුකරමින් සැමට ඉන් ප‍්‍රතිලාභ හිමිකර දෙමින් කුසලතාවයට හා නිපුණතාවයට මුල්තැන හිමිකරදෙන නවෝත්පාදනයෙන් සපිරි හෙට දිනක් බිහිකරන්නට මහානගර අමාත්‍යංශය ක‍්‍රියාකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu