රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ ඔහුගේ ප්‍රකාශයෙන් භික්ෂුන් වහන්සේට අපහාස වන බව දන්වමින්.

එම කේන්ද්‍රෙය් අධ්‍යක්ෂ පුජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් සදහන් කළේ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව සතියක් ඇතුළත නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.





නීතීඥ ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා ඇතුළු පිරිසක්ද ,  සිංහලේ සංවිධානයද, රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළා.