gossiplanka alexa ඉතාලියේ නැපෝලියන් නගරයේ අමුතුම ශ්‍රී ලාංකික ජන කොට්ඨාශයක් ගැන අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉතාලියේ නැපෝලියන් නගරයේ අමුතුම ශ්‍රී ලාංකික ජන කොට්ඨාශයක් ගැන අනාවරණයක්

ක්ෂ ගණන් වියදම් කරමින් ධනවත් රටවල ‍රැකියා සඳහා යාමට බොහෝ දෙනා හීන දකිනවා. ඉතාම අතලොස්සක් දෙනාට තමයි තමන් හිතන මේ හීනය හැබෑ කරගන්න ලැබෙන්නේ. ඒ විදියට ලක්ෂ ගානක් වියදම් කරලා ඉතාලි රටට යන සමහර ශ්‍රී ලාංකිකයින් කිසිදු රකියාවක් නොකර ඉතාලි වීදිවල ජීවත්වන බවක් කවුරුත් දන්නවා ද? මේ තියෙන්න ඒ ගැන තැබූ සටහනක්. 

"ඉතාලියේ නාපෝලියේ මහපාරේ නිදියන ශ්‍රී ලාංකිකයෝ...


ඉතාලියේ නාපෝලි නගරයේ අමුතුම ශ්‍රී ලාංකික ජන කොට්ඨාශයකුත් ජීවත් වෙති. ඔවුන් කිසිම රැකියාවක් නොකර කාඩ් බෝඩ් කෑල්ලක් බිමට එලා දෙනෝ දාහක් දෙනා යනෙන මහපාර නිවස කරගත් පිරිසකි.
සමහරුන් ඉතාලියට පැමින ඇත්තේ ලක්ෂ බර ගානක් වියදම් කරගෙනය. එවන් මුදලක් වියදම් කර පැමිණ 
මෙසේ ජීවත්වීම   මට නම් තේරුම් ගත නොහැක.

ඉතාලියේ රැකියාවක් සොයා ගෙන හොද ජීවිතයක් ගතකිරීමට කොතෙකුත් අවස්තාව ඇතත් ඔවුන් එයට සූදානම් නැත. එය මිනිසෙකුගේ කරුමයද උරුමයදැයි කීමට මා දන්නේ නැත.

මෙසේ මහ පාරේ ජීවත්වන්නන්ට ඉතාලි රජය සහ සමහර ආයතන මැදිහත්වී දින පතාම තුන් වේලටම කෑම ලබා දෙයි. එසේ කෑම බෙදන වාහනය පැමිණි විට මහපාර ජීවිතය කරගත් ජීවීන් ඒවායෙන් ලබා දෙන ආහාර පාන ලබා ගනී.

උදේට උණුසුම් තේකක් සමග ක්‍රොසන්ට් ඇතුළු උදේ ආහාර වේලක්, දිවා ආහාර වේලක් , සහ හවසට කෝපි සමග රාත්‍රී ආහාර වේලක් ලබාදෙයි. මේවා රෙස්ටුරන්ට් එකකින් මුදල් ගෙවා ගන්න සුපිරි මට්ටමේන්ම ලබා දෙයි. ඉතාම පිරිසිදුවට ලස්සන ඇසුරුමක ඔතා ඒ ආහාර වේල ඔවුන්ට ලබාදෙයි.

සීත කාලෙට සීත ඇදුම් සහ අනෙක් කාලයට අවශ්‍ය අනෙක් ඇදුම් පැලදුම් සපත්තු ආදී සියල්ලමත් රජයෙන් ලබා දෙයි. එසේම සෑම බ්‍රහස්පතින්දා දිනයකම නෑම සදහා රැගෙන යයි.

ඒත් මේ මහපාරේ නිදියන ලාංකිකයන් උදේ සිට හවස් වනතුරුම පාරේ යන එන අයගෙන් යූරෝ එකක් ඉල්ලාගෙන එයින් වයින් පැකට් එකක් මිලදී ගෙන පානය කර කාලකණ්නි ජීවිතයක් ගෙවති.

හිරා ඔවුන් අසලින් යනවිට හයියෙන් හයියෙන් හෙන බර සාකච්චාවක් කරනවා ඇසුනි. අනුන්ගේ කතාවලට ඇහුම්කන් දීම හොද නැති උනත් ඔවුන් ගැන අවබෝධයක් ලබා ගැනීමට ඇන්ටනාව කැරකූවෙමි.

අම්මට සිරි වෙන්න.... ඔවුන් කතා කරන්නේ දේශපාලනයයි. ලංකාවේ දේශපාලකයන් කරන වැරදි, ඒ වැරදි නතර කර ලංකාව සුර පුරයක් කරන්නේ කෙසේදැයි දක්වන අදහස් අහන් ඉන්න ආසා හිතේ. ලංකාවේ දේශපාලනයට අමතරව යුරෝපා දේශපාලනය ගැනත් හර බර කතා බහ එතන ඇතිවිය.

මහන්සියෙන් රැකියා කර ඉතාම හොදින් ඉතාලියේ ජීවත් වන බහුතරයක් වූ ලංකියයනුත් මොවුන් නිසා අපහසුතාවයට පත්වෙන බව කණගාටුවෙන් උවත් ලියා තැබිය යුතුය"

-හිරන්ත හේරත්- ෆචෙබූක්වෙත එක් කළ සටහනකි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu