gossiplanka alexa සා‍ෆි වෛද්‍යවරයා සිදුකල සැත්කම් සමහරක් සම්බන්ධයෙන් නවතම අනාවරණයක් - මව්වරුන්ට අතුරු අබාධ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සා‍ෆි වෛද්‍යවරයා සිදුකල සැත්කම් සමහරක් සම්බන්ධයෙන් නවතම අනාවරණයක් - මව්වරුන්ට අතුරු අබාධ

න්ද්‍යකරණ සැත්කම් සිදු කළ බවට සහ අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆිට එරෙහි නඩුව ඉකුත් 27වැනිදා පළමු වරට නඩුව කැඳවනු ලැබුවා. 

ආන්දෝලනයට තුඩු දී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සිදු කළ සැත්කම් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ සාෆි වෛද්‍යවරයා සිදු කළ ඇතැම් සිසේරියන් සැත්කම් ලෝක සම්මත ක‍්‍රමවේදයෙන් පරිබාහිරව සිදුකර ඇති බවයි. 


එවැනි සැත්කම් සිදු කිරීමෙන් පසු මව්වරුන් විවිධ අතුරු ආබාධවලට ලක්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බවද අනාවරණ වී තිබෙනවා.

සාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරීමේදී විවිධ ක‍්‍රම භාවිත කර ඇති බවටයි කුරුණෑගල ශික්ෂණ රෝහල සිදු කළ අභ්‍යන්තර පරීක්ණයේදී ද අනාවරණ වී ඇත්තේ.  

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් පාර්ශ්වයෙන් අධිකරණයට ඉදිරිපත් කළ  පිටු 06කින් යුත් අතුරු වාර්තාව ඉදිරියේදී ප‍්‍රසිද්ධ කිරීමේ සූදානමක් ඇති බවටද වාර්තා පළවනවා.  මෙම  නඩුව ලබන 11 වැනිදා යළි කැඳවීමට නියමිතයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu