gossiplanka alexa පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා යැයි කියූ අහමඩ් බාවා අත් අඩංගුවට - කුලී නිවැසියාගේ හැඳුනුම්පත භාවිතා කරලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා යැයි කියූ අහමඩ් බාවා අත් අඩංගුවට - කුලී නිවැසියාගේ හැඳුනුම්පත භාවිතා කරලා

සුගිය 12වන සිකුරාදා දින රාත්‍රියේ දී "119 හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට" හදිස් දුරකතන ඇමතුමක් ලැබුණා. එම දුරකතන පණිවිඩය මඟින් කියවුනේ පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවයි.  

දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවත්, පිටකොටුවේ මුස්ලිම් දේවස්ථානයක් තුළදී පුද්ගලයින් 8 දෙනෙකු එක්ව එම ප්‍රහාරය සැළසුම් කර ඇති බවයි. එම පුද්ගලයින් අට දෙනාගෙන් එක් අයෙක් බම්බලපිටිය සහ අනෙක් පුද්ගලයා මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද ප්‍රකාශ කර තිබෙනවා.

තොරතුර ලද සැණින් කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාගේ අධීක්ෂණය යටතේ ඒ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළා. එහිදී අනාවරණය වූ තොරතුරුවලට අනුව හෙළි වූයේ ලබා දුන් දුරකතන පණිවිඩය අසත්‍ය තොරතුරක් බවයි. 

පොලිස් හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ඇමතුම ලබාදුන් දුරකථන අංකය සහ දුරකථන කුළුණු ඔස්සේ සිදුකළ විමර්ශනය ඔස්සේ සිදුකළ විමර්ශනය ඔස්සේ  අසත්‍ය තොරතුර ලබා දුන් තැනැත්තා  පසුගිය දා ඇල්ල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇල්ල ප්‍රදේශයේ නිවසක කුලියට පදිංචි වී සිටි 57ක් හැවිරිදි අහමඩ් බාවා බ්‍රවුන් නම් අයෙක් බව පොලීසය සඳහන් කර සිටිනවා. 

සැකකරුගේ ජාතික හැදුනුම්පතේ පදිංචිය ලෙස බොරැල්ල ප්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව තිබු බවයි පොලිසිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. සැකකරු තමන් කුලියට සිටින නිවසේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කරමින් දුරකථන ඇමතුම ලබාදුන් සිම් කාඩ් පත මිලට ගෙන ඇති බවත් වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වුණා. 

සැකකරු මේ වන විට පිටකොටුව පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තාවනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu