gossiplanka alexa ඇඟිලි තුනක් අහිමි වූ දරුවා නවසීලන්ත නායක ෆ්ලෙමිං නිසා ලෝකයේ නමක් තබයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඟිලි තුනක් අහිමි වූ දරුවා නවසීලන්ත නායක ෆ්ලෙමිං නිසා ලෝකයේ නමක් තබයි

මීට  අවුරුදු ගාණකට ඉස්සෙල්ල නවසීලන්තෙ පොඩි ළමයෙකු රෝහලට වෙලා, ඒ කාලෙ නවසීලන්ත නායක ස්ටීවන් ෆ්ලෙමින්ව හම්බෙන්ඩ ආසාවෙන් බලන් හිටියා. පෙට්ටි උස්සන ට්‍රක් එකක් කකුල උඩින් ගිහිල්ල කකුලෙ ඇඟිලි තුනක්ම අයින්කරන්ඩ වෙලා තිබුණ එයාගෙ. 

මේ පොඩි දරුවාට  හිතාගන්ඩ බැරිවුණ සිද්ධියක් සිදු වුණා, එයා නැවතිලා හිටපු රෝහලට එයාව බලන්න ආවෙ වෙන කවුරුත් නෙමේ, නවසීලන්ත නායක ස්ටීවන් ෆ්ලෙමින්. එවෙලෙ ෆ්ලෙමින්ට දැනගන්ඩ හම්බෙලා තිබුණ මේ දරුවා එයාව බලන්න කැමැත්තෙන් ඉන්නව කියල.

ඉතින් ෆ්ලෙමින් කොච්චර හොඳ නිහතමානි මනුස්සයෙක්ද කියන්නෙ, එයා එවෙලෙම මේ දරුවව බලන්න රෝහලට යනවා. එවෙලෙ මේ පොඩි දරුව ගොඩක් සතු‍ටු වුණා. එයාගෙ වීරයා, එයා හුඟක් ආදරේ කරපු ක්‍රිකට් නායකයා රෝහලටම ඇවිල්ල එයාව බලල යන්න ආපු එක ගැන. එවෙලෙ එයාට හිතෙන්ඩ ඇති, මාත් දවසක ෆ්ලෙමින් වගේ ලෝකෙම දන්න ක්‍රිකටර් කෙනෙක් වෙනව කියල. 

ඔව් ඇත්තටම ඒ පොඩ්ඩ අද හැමෝම දන්න ක්‍රිකටර් කෙනෙක්. කකුලෙ ඇඟිලි තුනක් නැතිවුණත්, ඒ කිසිම දේකට එයාගෙ ගමන නවත්තන්ඩ බැරිවුණා. නවසීලන්ත ක්‍රීඩකයෙක් ගහපු එකම එක්දින ද්විත්ව ශතකය එයාගෙ නමට ඉස්සරහින් ලියාගන්න දවසක එයාට පුළුවන් වුණා. දැන්  හැමෝම දන්නව ඒ පොඩ්ඩව, එයා තමා අපි කවුරුත් ආදරේ කරන මාටින් ගප්ටිල්.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu