gossiplanka alexa නැගණිය සහ සොහොයුරා ජීවිතය හැර යද්දි විභාගය නිසා පාස්කු ප්‍රහාරයෙන් දිවි ගලවාගත් ඩේවිඩ් ලාංකිකයින් වෙනුවෙන් කරන්න යන දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැගණිය සහ සොහොයුරා ජීවිතය හැර යද්දි විභාගය නිසා පාස්කු ප්‍රහාරයෙන් දිවි ගලවාගත් ඩේවිඩ් ලාංකිකයින් වෙනුවෙන් කරන්න යන දේ

මැතිව් සිව් දරු පියෙකි. තම බිරිඳ සහ දරුවන් සිව්දෙනා සමඟ ශ්‍රී ලංකාවේ නිවාඩුව ගත කිරීමට ඔවුන් සැලසුමක් සකස් කර ගනිමින් සිටියා. නමුත් ඒ සැලසුමට වැඩිමල්  පුතු ඩේවිඩ්ගේ විභාගය හරස් වුණා. බිරිඳ ඇන්ජලීනාට ද ‍රැකියාවේ වගකීම් වැඩි වුණා. 

ඒ නිසා 21 හැවිරිදි ඩේවිඩ් ද  මැතිව්ගේ බිරිඳ ද නිවාඩුව සඳහා ශ්‍රී ලංකාවට ඒමේ අදහස අත හැර ගත්තා. දොළොස් හැවිරිදි ඊතන් නම් පවුලේ බාලයාට ද මේ 'නිවාඩුව' අහිමි වූයේ මව ගමනට එක් නොවන නිසා. 

මැතිව් තම 15 හැවිරිදි  දියණිය අමිලී සහ 19 හැවිරිදි පුතු ඩැනියෙල් සමඟ ශ්‍රී ලංකාවේ නිවාඩුව ගත කරන්නට පිටත් වුණා. ලංකාවේ සොඳුරු ස්ථාන කිහිපයක් නරඹා මේ තිදෙනා කොළඹට පැමිණ ශැංග්‍රිලා හෝටලයේ ලැගුම්  ගත්තා. උදෑසන ආහාර වේල සඳහා ඩැනියෙල් සිය නැගණිය සමඟ අසුන් ගෙන සිටිය දී මැතිව් ද දරුවන් දෙදෙනා සමඟ එක් වීමට කෑම මේසය වෙත පිය මනිමින් සිටියා. ඒ අවාසනාවන්ත මොහොත උදා වුණා. මරාගෙන මැරෙන බෝම්බය පුපුරා ගියා. ඩැනියෙල් සහ අමිලී ජීවිතෙන් සමුගත්තා. 

මැතිව් ආපසු ‍රැගෙන ගියේ දරුවන් දෙදෙනාගේ නිසල දේහයන් සහ අමිහිරි කම්පනය පමණයි. සිය බාල සොයුරිය සහ සොයුරා සදහටම තමන්ගෙන් සමුගෙන ඇති නිසා ඩේවිඩ් පසුවන්නේ ඉතාම සංවේගයෙන්. ඩැනියෙල් ගේ සහ අමිලී ගේ ගමන් මලු නිවසේ කාමරයක කොනක තබා තිබෙනවා. ඩේවිඩ් ඒ දෙස බලාගෙන සිටින්නේ ඉතාම ශෝකයෙන්. ඩැනියෙල් සහ අමිලී අවසාන වරට හැඳ සිටි ඇඳුම ඔහු සතුව සුරක්ෂිතව තබාගෙන සිටිනවා.  ඩැනියෙල් ගේ වස්ත්‍රය කැබලිවලට ඉරී ගොස් ය. අමිලී ගේ ඇඳි වතෙහි ඇත්තේ එක් සිදුරක් පමණි. ඒ පපු ප්‍රදේශය ආශ්‍රිතව ය.

සංවේදී මතකයන් එක්කම ඩේවිඩ් කල්පන කලා ඩැනියෙල් සහ අමිලී වෙනුවෙන් යමක් කරන්නට. ඔහු ඒ සඳහා සැලසුම් කල්පනා කළා. අවසානයේ දී ඔහු තීරණය කලා අමිලී සහ ඩැනියෙල් වෙනුවෙන් The Amelie & Daniel Linsey Foundation නමින් පුණ්‍යාධාර ආයතනයක් ලියාපදිංචි කළා. ඔහුගේ පළමු ඉලක්කය බ්‍රිතාන්‍ය පවුම් පන්ලක්‍ෂයක් එක් රැස් කිරීමයි.

පාස්කු ඉරිද ප්‍රහාරයේ වින්දිතයින් උදෙසා මෙම පුණ්‍යායතනය ක්‍රියාත්මක වනවා. මානසික හා වෛද්‍ය උපදේශන සේවා ස්ථාපනය කිරීම, රෝහල් තුළ වෛද්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම, වින්දිතයන් වෙනුවෙන් නිවාස තනා දීම, හදිසි ප්‍රහාරයක දී ප්‍රතිචාර දැක්වීම සඳහා පවතින සහන සේවා වැඩි දියුණු කිරීම ඩේවිඩ් ගේ පුණ්‍යායතන්යේ අරමුණුවලින් කිහිපයක්. 

තම නැගණිය සහ සොහොයුරා මෙලොවින් සමුගත් ස්ථානය වන ශැංග්‍රිලා හෝටලයට පැමිණ ඔවුන් මෙනෙහි කිරීමට ඩේවිඩ් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ සඳහා ඔහු තව නොබෝ දිනකින්ම ශ්‍රී ලංකාව බලා පිටත්වනු ඇති. 

ඩේවිඩ් මේ වෙර දරන්නේ තමන්ටත් වඩා විපතට පත් අසරණ උදවියට පිහිට වීමටයි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu