gossiplanka alexa වෙළඳසැල් දහයක් මහවැලි ගඟ දෙසට නාය යයි, සේවකයෙක් අතුරුදහන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙළඳසැල් දහයක් මහවැලි ගඟ දෙසට නාය යයි, සේවකයෙක් අතුරුදහන්

ධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (19) අලුයම 2 ට පමණ  ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගග දෙසට නායගොස් වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වී තිබෙනවා. මෙසේ නාය ගොස් ඇත්තේ ගිනිගත්හේන පොලිසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක්. 

දෙමහල් ගොඩනැගිලි සහිත නාය ගිය වෙළදසැල් අතර සිල්ලර වෙළදසැල් කිහිපයක් , එලවළු අලෙවි කරන වෙලදසැල් කිහිපයක් , අවහන්හල් දෙකක් , සැලුනයක් සහ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් තිබු බවයි පොලිසිය පවසන්නේ. අතුරුදහන් වී ඇත්තේ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළදසැලේ සිටි සේවකයා යි. 

නායයමට ලක් වු වෙලදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මිට ප්‍රථම හදුනාගෙන එම වෙළදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්ථා කිහිපයකදි දැනුම් දි තිබුණා. අතුරුදහන් වු සේවකයා සොයා යුධ හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබෙනවා. තවදුරටත් මධ්‍යම කදුකරයට අයහපත් කාලගුණයක් පවතිනවා. 

ප්‍රධාන මාර්ගය කොටසක් නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබෙනවා. එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසයි ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu