gossiplanka alexa වයසට යන මෘදුකාංගය නිසා ඇමරිකාව කැළඹේ, කඩිනම් විමර්ශන ආරම්භ කිරීමට ඉල්ලීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වයසට යන මෘදුකාංගය නිසා ඇමරිකාව කැළඹේ, කඩිනම් විමර්ශන ආරම්භ කිරීමට ඉල්ලීම්

රිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන රුසියාවේ නිෂ්පාදිත ෆේස්ඇප් මෘදුකාංගය සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් ප්‍රචලිත වී තිබෙනවා. ඒ  සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් අවධාරණය කර ඉල්ලා සිටිනවා. 

මෙම මෘදුකාංගය ඔස්සේ විදෙස් රාජ්‍ය ද ඇතුළුව  ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත තෙවැනි පාර්ශවවලට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී මතුවන බව යි සෙනට් සභික චක් ෂූමර් එෆ්.බී.අයි වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ. 

ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවධානමක යන කරුණු සලකා බලමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය ආරම්භ කරන්නැයි ඔහු ඉල්ලා සිටිනවා.

පරිශීලකයන්ගේ ඡායාරූප වෙනස් කරමින් ඔවුන් තවත් වසර කිහිපයකින් පෙනෙන්නේ කෙසේදැයි පෙන්වීම මෙම මෘදුකාංගයේ කාර්යයක්. ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කරන අතර එහිදි පරිශීලකයන්ගේ මුහුණුවලට රැළි වයසක පෙනුමක් ලැබෙන පරිදි ඔවුන්ගේ ඡායාරූප සංස්කරණයක් සිදුකරනවා. 

අමෙරිකාවට එරෙහිව සයිබර් අවකාශය තුළ ක්‍රියාකාරී ලෙස කටයුතු කරන විදෙස් බලවතෙකුට ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත ලබාදීම ඉතා සංකීර්ණ හා ගැටලුකාරී තත්ත්වයක් බව ද ඔහු සඳහන් කරනවා. මේ වනවිට ‘ගූගල් ප්ලේ’ සේවාව තුළ වැඩිම වතාවක් බාගත කරන ලද මෘදුකාංගය බවට පත්ව ඇත්තේ ද ෆේස්ඇප් මෘදුකාංගය වන අතර  එහි පරිශීලිකයන් මේ වනවිට මිලියන 100 ඉක්මවා ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu