gossiplanka alexa හමුදාවට බැඳුණු මහේන්ද්‍ර සිං දෝනි කාශ්මීරයේ සක්‍රිය යුධ හමුදා හමුදා සේවයට එක්වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හමුදාවට බැඳුණු මහේන්ද්‍ර සිං දෝනි කාශ්මීරයේ සක්‍රිය යුධ හමුදා හමුදා සේවයට එක්වේ

න්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභාගී නොවී තමන්ගේ හමුදා රෙජිමේන්තුව වන ඉන්දීය සමස්ත හමුදාවේ පැරෂූට් රෙජිමේන්තුවේ සේවය කිරීමට තීරණය කලා. ඒ සඳහා ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසරයද ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජුලි මස 31 වෙනිදා සිට අගෝස්තු මස 15 වෙනිදා දක්වා කාල සීමාව තුල ඔහු කාශ්මීරයේ නිම්නයේ ස්ථානගත කර තිබෙන වික්ටර් රෙජිමේන්තුව යටතේ පිහිටි පැරෂුට් බලගණයට අනියුක්තව සක්‍රිය යුධ හමුදා හමුදා ක්‍රියාකාරකම් සඳහා එක්වීමට නියමිත බවයි ඉන්දීය යුධ හමුදාව නිවේදනය කරන්නේ. 

2011 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දීය යුධ හමුදාව විසින් මහේන්ද්‍ර සිං දෝනිට ගෞරවයක් ලෙස ලුතිනන් කර්නල් තනතුරක් ප්‍රදානය කරනු ලැබුවා.

ලුතිනන් කර්නල් මහේන්ද්‍ර සිං දෝනි සිය හමුදා රාජකාරි කාල සීමාවේදී දේශ සිමාවේ පාමුර සංචාරයන්, ආරක්ෂක කටයුතු වල යෙදෙනු ඇති බවට ඉන්දීය යුධ හමුදාව විසින් නිවේදනය කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu