gossiplanka alexa මුස්ලිම් ජාතික කාන්තාවක් ශ්‍රී මහා බෝධිය අසලදී අත් අඩංගුවට, සැකකටයුතු පුද්ගලයෙක් පලා ගිහිං

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුස්ලිම් ජාතික කාන්තාවක් ශ්‍රී මහා බෝධිය අසලදී අත් අඩංගුවට, සැකකටයුතු පුද්ගලයෙක් පලා ගිහිං

පොසොන් පොහොය දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමියට විශේෂ ආරක්ෂාව සපයමින් සිටි උඩමළුව පොලීසියේ නිලධාරින් පිරිසකට සැකකාර මුස්ලිම් ජාතික කාන්තාව ජය ශ්‍රී මහ බෝධියට ඇතුල්වීම සඳහා උත්සාහ කරද්දී පරික්ෂාවට ලක්කර තිබූ අතර ඇයගේ ගමන් මල්ලේ අගල් දෙකකට වඩා දිගින් යුතු තියුණු මුවහත ඇති තහනම් පිහියක් තිබී හමුවූ බව පොලීසිය පවසනවා. 
සැකකාරිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිංහල ජාතිකයෙකු සමග අනුරාධපුර නගරයට පැමිණ තිබෙන අතර ඇය සුදු පැහැති හැට්ටයකින් හා සායකින් සැරසි ශ්‍රී මහ බෝධිය දෙසට යාමට ප්‍රධාන දොරටුව පසුකිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරිනියන් පිරිසකට සැකසිති පරික්ෂාකල අවස්ථාවේ ඇයගේ ගමන් මල්ලේ තිබූ පිහිය හමුවී තිබුණා. පොලීසිය සිදුකල ප්‍රශ්න කිරිම් වලදී ඇය පවසා තිබුණේ පිහිය ‍රැගෙන ආවේ වරක කෑමට බවයි. ඇය කොළඹ කෙසෙල්වත්ත ප්‍ර දේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසනවා. එම සැකකාරිය පොහොය දිනයේ ඔත්තු බැලිමට පැමිණියේද යන්න සම්බන්ධයෙන් සැක මතුවී තිබෙනවා.

ඊට අමතරව තවත් සැකකරුවෙකු රුවන්වැලිසෑයේ සිට ශ්‍රී මහ බෝධිය දක්වාවූ පෙත්මග ඔස්සේ ශ්‍රී මහ බෝධියට ඇතුල්වන දෙවන ආරක්ෂක වලල්ල පසුකිරීමට උත්සාහ කළ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබුණා. එම සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරිම් වලදී තරුණියක් ඔහුට දුරකථන අංකයක් ලබාදුන් බවත් ඇය ශ්‍රී මහ බෝධිය ආසන්නයේ සිටින බැවින් ඇය හමුවීමට උත්සාහ කළ  බවත් පොලීසියට පවසා තිබුනා. 

අත්අඩංගුවටගත් කාන්තාව වයස අවුරුදු 38ක් හා පිරිමි පුද්ගලයා වයස අවුරුදු 35ක අයවළුන් බව වාර්තාවනවා. 

මෙම සිද්ධි දෙක සිදුවන අවස්ථාවේ අත්බෑගයක් සමග පුද්ගලයෙකු සෙනඟ අතරින් දිව පළාගිය බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ අතර එහෙත් කිසිදු අයෙකු අත්අඩංගුවට පත්නොවු බවයි පොලීසිය පවසන්නේ. මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ පොසොන් පොහොය උත්සවය සඳහා විශාල පිරිසක් අනුරාධපුර පූජා භූමියට පැමිණ සිටි බවත් කිසිදු කලබලයක් සිදුනොවන ආකාරයෙන් සැකකරුවන් අත්අඩංගුවටගත් බවත් පොලීසිය පැවසුවා. 

ඔවුන් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu