gossiplanka alexa පොහොට්‍ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා ගැන ආරංචියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොහොට්‍ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා ගැන ආරංචියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් අපේක්ෂකයෙකු මෙන්ම ශක්තිමත් වැඩ පිළිවෙලක් ද ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා. ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත්, වෙනත් සාකච්ඡාවක් නොමැති බවත් ඔහු කියා සිටිනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ

"ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විය යුතුයි. අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා විය යුතුයි. එහෙම නැතුව එකම පවුලට දෙකම දෙන්න බැහැ. එහෙම වුණොත් මේක හරියන්නෙ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ බෝඩ් ලෑල්ලක් වගේ හෙත්තුවෙන්න කැමති නැහැ. දයාසිරි ජයසේකර වැනි අත්තෙන් අත්තට පනින කුරුල්ලොත් එක්ක මේ ගමන යන්න කොහොමටවත් අපි සූදානම් නැහැ. 

අපිට ඕන සැබෑ ආණ්ඩු විරෝධී සැබෑ යූඑන්පී විරෝධී ශක්තිමත් දේශපාලන බලවේගයක්. එය දැන් ගොඩනැගිලා තියනවා. ඒ නිසා අපි කිසිම ප්‍රශ්නයකින් තොරව මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයේ තබාගෙන මේ යන ගමන යනවා වගේම අපි ඉත පැහැදිලිව කියන්න ඕන අපේ ජනාධිපති අපේක්ෂකයා ගොඨාභය රාජපක්ෂ කියලා. මෙතනින් එහාට තවත් කෙනෙක් එක්ක හොරගල් ඇහිදින්න වහෙන් ඔරෝ ගහන්න අපිට අවශ්‍ය තාවයක් නැහැ." යනුවෙන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu