gossiplanka alexa "පාස්කූ ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ ඇති වූ අනාරක්ෂිත තත්ත්වය පෙන්වා දෙමින් ජනාධිපතිවරණයත් කල් දාන්න සූදානම් වනවා" - මැ.කො

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"පාස්කූ ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ ඇති වූ අනාරක්ෂිත තත්ත්වය පෙන්වා දෙමින් ජනාධිපතිවරණයත් කල් දාන්න සූදානම් වනවා" - මැ.කො

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නොබෝදා  ප්‍රකාශ කළේ දෙවන පෙළක් ඉදිරියට ඒම පිළිබඳව ඉදිරි පෙළ  බියට පත් වී තිබෙන නිසා පළාත් සභා මැතිවරණය කල් දමා තිබෙන බවයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ලෝක මුහුදු කැස්බෑ සංරක්ෂිත දිනය නිමිත්තෙන් කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව කොස්ගොඩ, ගල්බොක්ක කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේදී පැවති විශේෂ වැඩ සටහනෙන් පසුව රටේ මැතිවරණ සිතියම පිළිබඳව මාධ්‍ය විමසූ අවස්ථාවේදී. 

පළාත් සභා පමණක් නොව ජනාධිපතිවරණයද කල් දැමීමට සැලසුම් කරමින් සිටින බව දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමකදී හෙළි වූ බවද ඒ මහතා අවධාරණය කලා. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"දේශපාලනයේ දෙවැනි පෙළ  නිර්මාණය වෙන්නේ පළාත් සභා මැතිවරණයෙන්. අපේ රටේ දේශපාලනයේ නිරත ඉදිරි පෙළ, දෙවැනි පෙළක් නිර්මාණය වනවාට කැමැත්තක් නැහැ. ඔවුන් ඒ සඳහා බියක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා පළාත් සභා කල් දානවා. දැන් ජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක්ද තිබෙන්නට පුළුවන්. ඒ පිළිබඳව පසුගියදා පැවති දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමකදී ඔවුන් පෙන්වා දුන්නා. පාස්කූ ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ ඇති වූ අනාරක්ෂිත තත්ත්වය පෙන්වා දෙමින් එය සිදු කිරීමට උත්සාහ දරනවා වෙන්න පුළුවන්.

මැතිවරණ වලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙනවා. කුමන තත්ත්වයක් මත වුවත් මැතිවරණ කල් දැමීම සුදුසු නැහැ. මැතිවරණ කල් දැමීම ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයිද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu