gossiplanka alexa මංගලට මාතර බෞද්ධ විහාරථාන තහනම් කිරීම බොරුවක් , අමාත්‍යවරයා විහාරස්ථාන තුනක නා හිමිවරු බැහැ දකී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගලට මාතර බෞද්ධ විහාරථාන තහනම් කිරීම බොරුවක් , අමාත්‍යවරයා විහාරස්ථාන තුනක නා හිමිවරු බැහැ දකී

මාතර ප්‍රදේශයේ විහාරස්ථාන තුනක සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා ඊයේ (08) එම විහාරස්ථානවලට ගියා. ඒ මාතර මහා මන්තින්ද පිරිවෙන,  මාතර සිරිමංගල විහාරය, මාතර වෙලේගොඩ සුදසුන් මහ විහාරයටයි. 

මාතර මහා මන්තින්ද පිරිවෙනේ විහාරාධිපති පූජ්‍ය තිස්සමහාරාමයේ ඉන්ද්‍රානන්ද හිමියන් සහ විහාරාධිකාරී පූජ්‍ය තාරපේරියේ ඥානසිරි හිමියන් සමග අමාත්‍යවරයා පිරිවෙනේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කළහ. නව විහාර ගොඩනැගිල්ල ඉදි කිරීමේ සැලස්ම සහ ස්ථානය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා කියා සිටියේ පිරිවෙනේ සෑම අවශ්‍යතාවකට ම හැකි උපරිම දායකත්වය දැක්වීමට තමන් සූදානම් බවයි.

මේ අතර මාතර සිරිමංගල විහාරයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා ද ගිය අමාත්‍යවරයා විහාරධිපති පූජ්‍ය වලස්ගල පඥ්ඥාසිරි හිමියන් අමාත්‍යවරයා වෙත කියා සිටියේ අදාළ ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බවයි. එම ඉදිකිරීම කඩිනමන් ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා ක්‍රමයෙන් ඊට අදාළ මුදල් අවශ්‍ය පරිදි ලබා දෙන බවට පොරොන්දු වුණා. 

මාතර වෙලේගොඩ සුදසුන් මහ විහාරය වෙත ගිය අමාත්‍යවරයා විහාරාධිපති පූජ්‍ය කඹුරුගමුවේ පඥ්ඥාජීව නාහිමියන් බැහැ දුටුවා. විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු සහ උන් වහන්සේගේ සුව දුක් විමසූ අමාත්‍යවරයා ප්‍රදේශයේ ප්‍රකට විහාරස්ථානය වන එහි ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් පූර්ණ සහය ලබා දෙන බවට පොරොන්දු වුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu