gossiplanka alexa පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය රෝචනාට අනතුර ගැන පෙර සිතුවිලි පහළ වුණාද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය රෝචනාට අනතුර ගැන පෙර සිතුවිලි පහළ වුණාද?

ව හැවිරිදි රෝචනා සත් රුවනි එම පවුලේ වැඩිමහල් දියණිය.ඇය අප්‍රේල් 21 වනදා ක‍ටුවාපිටිය දේවස්ථානයට යන්නෙ පාස්කු දේව මෙහෙයට සහභාගී වීම සඳහායි. තම පියා සමඟ දේවස්ථානයට යන විටත් එය බැතිමතුන්ගෙන් පිරී පැවතියා. ඔවුන්ට එහිදී දේවස්ථානය තුළට ඇතුල් වීමට හැකිවන්නේ නැහැ. 

"දුව නිදාගෙන හිටියේ. මම දුවට කතා කරගෙන අළුත් ගවුමකුත් ඇඳගෙන උදේ මාත් එක්ක පල්ලි ගියා. මමයි දුවයි හිටියේ මරාගෙන මැරෙන බෝම්බකාරයා ආව දොර කෙලින්ම එහා පැත්තේ දොරේ. මොකද අපිට පල්ලිය ඇතුළට යන්න බැරි වුණා සෙනඟ නිසා. උදේ පූජාව සාමාන්‍ය විදියට තිබුණා. මගෙ ඉස්සරහින් දුව හිටගෙන හිටියා. මං එයාට වාඩිවෙන්න කිව්වට වාඩි වුණේ නැහැ. තව ටික වෙලාවනෙ අප්පච්චි කියලා කිවුවා. ඒ කියලා තත්පර තිහක්වත් යන්න හම්බුණේ නැහැ"

රෝචනා දියණියගේ පියා හඬ අවදි කලේ එහෙම. 

නිමේෂයකින් පල්ලිය තුළ ඇති වූ පිපිරුම එකිනෙකා සී සීකඩ විසි කරනු ලැබුවා. 

"ඒ පිපිරීමත් එක්ක අපි දෙන්නා දෙපැත්තට විසි වුණා. දුව වැටිලා හිටියට දුවගෙ කිසිම සෙලවීමක්වත් තිබ්බෙ නැහැ. කොයිම ආකාරයකවත් අවස්ථාවක් තිබ්බේ නෑ දුව ගාවට යන්න. මට දුවගෙ සද්දෙ විතරයි මට ඇහුණෙ නැත්තෙ. අනිත් හැම දේම මට ඇහුණා. එයාගේ අවසාන වචන ටික තමා අප්පච්චි තව ටිකයිනෙ මං මෙහෙම ඉන්නම් කියලා.  ඒ වගේම තව චුට්ටයි හිටියෙ. දුව යන්න ගියා."

අධ්‍යාපනයට උපන් හපන්කම් දැක් වූ පුංචි රෝචනා මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ සිව්වන වසරේ සිසුවියක්. මිය යන්නට පෙර ඇය විශේෂ ක්‍රියාකාරකම් කිහිපයක්ම සිදු කර තිබුණා. තම මවගේ ජංගම දුරකතනය භාවිතා කරමින් කිසි දිනකවත් සිදු නොකල රූගත කිරීම් කර තිබීම දෙමාපියන්ටත් පුදුම උපදවා තිබෙනවා. 

බුද්ධ ධර්මයට වැඩි කැමැත්තක් දැක් වූ රෝචනා මියයාමට පෙර සතියේ හදාරා තිබුණේ, ත්‍රිවිද්‍යාව පාඩමයි. පෙර ආත්මය දැනගැනීමේ නුවණ, සත්වයන්ගේ උප්පතිය හා මරණය දැනගැනීමේ නුවණ සහ සියලු කෙලෙස් නැසීමේ නුවණ  පිළිබද ඇය එහිදී හදාරා තිබුණා. මියයන්නට දින කිහිපයකට පෙර මේ පුංචි දරුවා දින බවට සැළකිය හැකි ඉලක්කම් කිහිපයක් ඇයගේ පොතේ සටහන් කර තිබුණේ කිසිදු හේතුවකින් තොරවයි. එහි දී 21 වන ඉලක්කම ඇය කුරු‍ටු ගා තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu