gossiplanka alexa මුරලි කැමැත්තෙන්ම රෂීඩ් ඛාන්ට ලබා දුන් අමිහිරි ලෝක වාර්තාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුරලි කැමැත්තෙන්ම රෂීඩ් ඛාන්ට ලබා දුන් අමිහිරි ලෝක වාර්තාව

යේ පහර 17ක් එල්ල කරමින්එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමක වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙස එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන් ලෝක වාර්තා අතරට එක් වුණා. ඒ  එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති ලෝක කුසලාන මූලික වටයේ තරඟයේදී ලෝකයේ දක්ෂතම පා දඟ පන්දු යවන්නෙකු ලෙස සළකන ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන්ට දැඩි පිති ප්‍රහාරයක් එල්ල කරමින්. එහිදී  ඉයන් මෝගන් ලකුණු 148ක් ලබාගැනීමට සමත් වුණා. ඒ අනුව මෙතෙක් එක් ඉනිමක හයේ පහර 16ක් එල්ලකරමින් ඉන්දියාවේ රෝහිත් ශර්මා, දකුණු අප්‍රිකාවේ ඒ බී ඩිවිලියස් හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් සතුවූ වාර්තා බිඳ වැටුණා.

වැඩිම හයේ පහර එල්ල කළ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්න්නේ තිසර පෙරේරායි. ඒ මේ වසර මුල නවසීලන්තයට එරෙහිව හයේ පහර 13 ක් එල්ල කරමින්. රෂීඩ් ඛාන් පන්දුවාර 9යකදී ලකුණු 110ක් ලබාදී මෙතෙක් දඟ පන්දුයවන්නේකු එක්දින ක්‍රිකට් තරඟයක ලබාදී තිබුණු වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වන අමිහිරි වාර්තාව සිය නම ඉදිරියේ සඳහන් කර ගත්තා. 

මෙතෙක් එම අමිහිරි වාර්තාව සටහන් වූයේ ලෝකයේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් ගේ නමිනි. 2006 වසරේදී ඔස්ට්‍රේලියාව මුරලිදරන්ගෙන් පන්දුවාර 10ට ලබාගත් ලකුණු 99 එම වාර්තාව වුණා. රෂීඩ් ඛාන් ලබාදුන් ලකුණු ප්‍රමාණය ලෝක කුසලාන වාර්තාවක් ද වන අතර ඔහුට එල්ල වූ හයේ පහර 11, එක් තරඟයක පන්දුයවන්නෙකුට එල්ල වූ වැඩිම හයේ පහර ප්‍රමාණය ද වනවා.

මීට අමතරව එංගලන්තය තරඟයේ නියමිත පන්දුවාර 50දී හයේ පහරවල් 25ක් එල්ල කර තිබූ අතර එය ද ලෝක වාර්තාවක් වනවා. එංගලන්තය පසුගිය 2015 සහ 2011 සමස්ත ලෝක කුසලාන තරගාවලි දෙකේදීම එල්ල කර තිබුනේ හයේ පහර 28ක් පමණයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu