gossiplanka alexa ලංගම දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංගම දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණයක්

සිය ඉල්ලීම් සඳහා අද විසදුම් ලබා නොදුනහොත් දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ උපවාසයේ නිරත ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් ප්‍රකාශ කළා. ඔවුන් මේ බව ප්‍රකාශ කලේ පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද පෙරවරු පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවයි.


තමන්ට ලබාදී ඇති උසස්වීම් අවලංගු කිරීමට කටයුතු කරන බව පවසමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිට ඊයේ දහවල් මෙම උපවාසය ආරම්භ කළා. අද උදෑසන එම ස්ථානයට අමාත්‍ය දයා ගමගේ ද පැමිණ උපවාසයේ නිරත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් සමග සාකච්ජාවක නිරත වු බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සදහා සාධාරණ විසදුමක් ලැබෙන තෙක් සිය උපවාසය අඛණ්ව සිදුකරන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් පිරිස ප්‍රකාශ කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu