gossiplanka alexa ඉන්ධන මිල වැඩි වීමත් සමඟම ත්‍රී රෝද රථ ගාස්තුව ද ඉහළට, පළමු කිලෝමීටරයට රුපියල් 60ක අය කිරීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන මිල වැඩි වීමත් සමඟම ත්‍රී රෝද රථ ගාස්තුව ද ඉහළට, පළමු කිලෝමීටරයට රුපියල් 60ක අය කිරීමක්


පළමු කිලෝ මීටරය සඳහා වන තී‍්‍රරෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩි කිරීමට තී‍්‍රරෝද රථ සංගම් තීරණය කර තිබෙනවා. ඒ පෙට‍්‍රල් මිල ඉහළ යාම සහ තවත් හේතු කිහිපයක් මත.  නමුත් දෙවන කිලෝ මීටරය සඳහා වන ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බවයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප‍්‍රකාශ කරන්නේ. ත්‍රීරෝද රථවල අමතර කොටස් මිල සහ ටයර්වල මිල ඉහළ යෑමත් මෙම තීරණයට බලපා ඇති බවද දැනගන්නට තිබෙනවා. දැනට මගීන් ප්‍රවාහනය කිරීමේදී පළවෙනි කිලෝමීටරයට අය කරන ගාස්තුව රුපියල් 50ක් වන අතර දෙවන කිලෝමීටරයට රුපියල් 40ක් වනවා. නව වැඩි කිරීමට අනුව පළවෙනි කිලෝමීටරයට අය කරන ගාස්තුව රුපියල් 60ක් වනු ඇති.


 තමන්ට ඉන්ධන සහනයක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපතිවරයා ප‍්‍රකාශ කළා.  ඒ  පවතින ආර්ථික තත්ත්වය හමුවේ තී‍්‍රරෝද රථ රියදුරන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් දැඩි අපහසුතාවට පත්ව ඇති බැවිනි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu