gossiplanka alexa අනුරාධපුරයේ පාසැල් කිහිපයක් දින කිහිපයකට වසා දැමේ, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අනුරාධපුරයේ පාසැල් කිහිපයක් දින කිහිපයකට වසා දැමේ, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තීරණයක්

පොසොන් උත්සව සමයේ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා පිටපළාත්වලින් අනුරාධපුරයට පැමිණෙන පොලීසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහා ලබන 13වනදා සිට 18වනදා දක්වා අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පාසල් 11ක්  වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 


ඒ අනුව අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි ජාතික පාසල, ශ්‍රීමත් වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සාන්ත ජෝසප් මහා විද්‍යාලය හා විවේකානන්ද මහා විද්‍යාලය එලෙස වසා තැබෙනු ඇති. 

ඊට අමතරව සහීරා මහා විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය, දේවානම්පියතිස්ස මහා විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය ද අදාළ දිනවල වසා තැබෙනවා. ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලේ මහා විද්‍යාලය සහ කම්මලක්කුලම විද්‍යාලය ද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. එම පාසල් අධ්‍යයන කටයුතු සඳහා ලබන 19වනදා යළි විවෘත කෙරෙනවා.                       
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu