gossiplanka alexa බදියුද්දීන් සහ විශ්වාසභංගය ගැන ඇත්ත කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදියුද්දීන් සහ විශ්වාසභංගය ගැන ඇත්ත කතාව

වුද මේ රිෂාඩ් බදියුද්දීන්?
සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ (All Ceylon Makkal Congress) නායකයා වන රිෂාඩ් බදියුද්දීන්,  2010 වසරේ සිට කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.
ඔහු ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ 2001 වසරේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින්. 

මේ වන විට පාර්ලිමේන්තු ආසන පහක් සතු කරගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය පිහිටුවා ගන්නා ලද්දේ 2005 වසරේදී ය. 

විල්පත්තු රක්ෂිතය අවට මුස්ලිම්වරුන් පදිංචි කළ බවට ඇතැම් පරිසරවේදීහු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට චෝදනා එල්ල කරති. නමුත් අමාත්‍යවරයා පවසන්නේ යුද ගැටුම් හේතුවෙන් පලා ගිය ජනතාව යුද්ධය අවසානයේ යළි සිය ගම්බිම්වල පදිංචි වූ බවය.

විශ්වාසභංග යෝජනාව:

අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මිය ගිය අතර තුවාල ලැබූ ගණන 500කට අධිකය. ජාතික තව්හීද් ජමාත් නම් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම එම ප්‍රහාර සඳහා වගකිවයුතු බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. 2019 අප්‍රේල් පාස්කු ඉරු දින ප්‍රහාරයන්ට සම්බන්ධ කණ්ඩායම සමග සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමින් තමයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 63 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල සහ නිශාන්ත මුතුහෙට්ටිගමගේ ඊට අත්සන් තබා ඇත. එසේ ම එක්සත් ජාතික පක්ෂයේ අතුරලියේ රතන හිමි, ආනන්ද අලුත්ගමගේ සහ අශෝක ප්‍රියන්ත මෙන් ම ද්‍රවිඩ ජාතික සංවිධානයේ එස්. විලයාන්දරන් ද ඊට අත්සන් තබා තිබෙනවා. අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි 16 වන දින කතානායකවරයාට භාර දුන්නා. එය ජූනි මස 18 සහ 19 යන දිනවල විවාදයට ගැනීමට තීරණය කළ බව කතානායක කරු ජයසුරිය බ්‍රහස්පතින්දා (මැයි 23) දැනුම් දුන්නා. 

විශ්වාසභංග යෝජනාවේ අඩංගු ප්‍රධාන චෝදනා:

01. 2019 අප්‍රේල් 21 වන දා කිතුනු දේවස්ථාන සහ හෝටල් ඇතුළු ස්ථාන 9 කට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයාට බලපෑම් කරනු ලැබූ බවට හමුදාපතිවරයා විසින් 2019 මැයි 5 වන දින සිළුමිණ පුවත්පතට කරනු ලැබූ ප්‍රකාශය.

02. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනු ලැබූ ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සතුව තිබූ කර්මාන්ත ශාලාවට සම්මතයට පටහැනිව කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශයෙන් හිස් පතොරම් කොපු සැපයීම.

03. බෝම්බ නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බවට සැක කරන එකී කම්හලේ සේවකයන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකර 2019.05.06 දින ඔවුන්ට ඇප ලැබීමට සැලැස්වීමෙන් දේශපාලන බලපෑමක් කර ඇති බවට සාධාරණ සැකයක් මතු වේ.

04.රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ භාණ්ඩාගාරික වන එස්. කේ. පී. අලහුඩීන් ත්‍රස්ත ප්‍රයත්නයන් පිළිබඳ යථා තොරතුරු ගැන දැන සිට එය බලධාරීන්ට හෙළි නොකර සිටීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිමය කටයුතු කළ හැකිව තිබියදී එසේ නොකිරීම.

05. අමාත්‍යවරයාගේ ප්‍රබල හිතවතෙකු වන අල්හාජ් මොහොමඩ් ඊබ්‍රාහිම් යුසුෆ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කිරීම.

06.සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.

07.අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වශයෙන් පෙනී සිටින මවුලවිවරයෙකු ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.

08. අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුද්දීන් යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මන්නාරම පොලීසියට භාර දීමෙන් පසු උසාවියට ඉදිරිපත් නොකර බලපෑම් මත නිදහස් කිරීම.

09.පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයන්ට අමාත්‍යවරයා අනිසි බලපෑම් කරන බවට ආරක්ෂක හමුදා සහ පොලීසියේ නිලධාරීන් පවසන තොරතුරු මත සමාජයේ ප්‍රබල මතයක් මතු වී තිබීම.

10.අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමට පොලීසිය මෙතෙක් අසමත් වීමෙන් එතුමා විසින් අමාත්‍ය ධූරය දැරීම විමර්ශනවලට බාධාවක් බව පෙනී යයි.

අදාළ සියලු චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් කැබිනට් මණ්ඩලය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ බව අමාත්‍ය නවීන් දිසානායක පසුගිය දා මාධ්‍ය හමුවේ සඳහන් කළේය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා සිටින්නේ නම් පදවියෙන් ඉල්ලා අස්වීමට සූදානම් යයි ඔහු පැවසූ බව ද මාධ්‍ය වාර්තාවල දැක්වුණා. මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සැදුම්ලත් තේරීම් කාරක සභාවක් මගින් ඇමතිවරයාට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කිරීමට එක්සත් ජාතික පෙරමුණ අදහස් කර තිබෙනවා. 
එම කාරක සභාවට 12 දෙනෙකු ඇතුළත් විය යුතුය. නමුත් මෙම කාරක සභාවට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්වනවා. රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා සිදුකර ඇතැයි සැලකෙන හොරකම් සහ දූෂණ පිළිබඳ තොරතුරු සියල්ල විශ්වාසභංගයේදී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක බ්‍රහස්පතින්දා (මැයි 23) කොළඹදී පැවසුවා. 

මේ අතර, බදියුද්දීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය නොදී තම මන්ත්‍රීවරුන් ගමට නොපැමිණිය යුතු බවට දැක්වෙන පෝස්ටර් රටේ විවිධ ප්‍රදේශවල ප්‍රදර්ශනය කෙරෙන බව සමාජ මාධ්‍යවල දැකිය හැකියි.

උපුටා ගැනීම බිබීසී
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu