gossiplanka alexa තීන්දුව දීමට පෙර විල්පත්තු අනවසර ඉදිකිරීම් ගැන පෙත්සම නැවත විභාගයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තීන්දුව දීමට පෙර විල්පත්තු අනවසර ඉදිකිරීම් ගැන පෙත්සම නැවත විභාගයට

රිසර යුක්ති කේන්ද්‍රය මගින්  විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය එළි කොට ඒ තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බව සඳහන් කරමින්  2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණු ලැබුවා. 
අදාළ වනාන්තර එළි කිරීම නීති විරෝධී බවට තීන්දු කර දැනට සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් මෙයින් ඉල්ලා තිබුණා.මෙම පෙත්සම මුලින්ම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ විභාග කොට අවසන් කර තිබු අතර එහි තීන්දුව අගෝස්තු මස 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදූකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මෙම පෙත්සම නැවත විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා. ඒ අනුව  නැවත විභාගය ජනක් ද සිල්වා සහ. නිශ්ශංක බන්දුල කරුනාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ජුලි මස 31 දා පැවැත්වෙනවා ඇති.  

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ,අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu