gossiplanka alexa "වෛද්‍ය මොහොමඩ් සා‍ෆි ගැන නිශ්චිත පරීක්ෂනයක් කෙරෙයි කියලා විශ්වාසයක් නෑ" - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"වෛද්‍ය මොහොමඩ් සා‍ෆි ගැන නිශ්චිත පරීක්ෂනයක් කෙරෙයි කියලා විශ්වාසයක් නෑ" - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා විමර්ශනය කිරීමට පත් කර ඇති කමි‍ටුව පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රසාදයක් නොමැතිවබව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසනවා. එතුමා අදහස් දක්වා තිබුණේ මේ ආකාරයෙන්. 

"මේකෙදි කාණ්ඩ කීපයක් යටතෙ මේ පිළිබඳ පරීක්ෂණ කරන්න පුළුවන්. එකක් තමා පොලිස් පරීක්ෂණ. දෙවෙනි එක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන පරීක්ෂණ. ආචාර ධර්ම පිළිබඳ විශේෂයෙන්ම කරුණු සොයා බලන්න රජයේ වෛද්‍ය සභාවක් තියනවා. එය මඟින් පරීක්ෂණයක් කළ යුතුව තිබෙනවා. 

ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හැකියාවක් තියනවා, ව්‍යවස්ථාවෙම තියනවා සංගමයට අපකීර්තියක් සිදුවන හෝ සංගමයේ සාමාජිකයෙක් සිදු කරන ඕනෑම වැ‍රැද්දක් සම්බන්ධයෙන් ක්‍රියා පිළිවෙලක් ගන්න පුළුවන්. ඒ ක්‍රමවේදයට අපි වැඩ පිළිවෙලක් සූදානම් කර තිබුණා. 

මේ වෙනකොට අපේ ශාඛාව ‍රැස් වෙලා තියනවා. ශාඛාව මා මෙ මොහොතේ දැනුවත් කළා. ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහල් ශාඛාව විදියට තීරණය කරලා තියනවා සෞඛ්‍ය ඇමතිවරයාගේ මේ පරීක්ෂණ මණ්ඩලය පිළිනොගෙන ඉන්න. එතකොට රජයේ නිලධාරීන්ගේ සංගමයේ විධායක කමි‍ටුවටත් ඒ තීරණයත් එක්ක තමා කටයුතු කරන්න වෙන්නේ. 

මෙහෙම සිද්ධවෙලා තියෙන්නේ, උදාහරණයක් විදියට පහු ගිය කාලේ පැවති පෞද්ගලික  වෛද්‍ය විද්‍යාලා ර්බුදයේ දි, වෛද්‍ය සභාව කියන්නේ තාක්ෂණික තීන්දු තීරණ ගන්නාආයතනයක්. ඒ ආයතනය ගත්ත තීන්දුවක් සෞඛ්‍ය ඇමතිවරයා අත්සන් කරන්නෙ නැත්නම් ඒ රට මොන ශිෂ්ඨ සම්පන්න රටක් ද?  එවැනි සෞඛ්‍ය ඇමති කෙනෙක් ඉන්න රටක මේ අපි ඉන්නෙ. 

ඒ නිසා සාමාජිකත්වය, මොහු පිළිබඳ විශ්වාසයක් නෑ. මේ හරහා නිශ්චිත පරීක්ෂණයක් කෙරෙයි කියලා ඔවුන්ට විශ්වාසයක් නෑ."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu