නිවසින් දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි පාසල් සිසුවියකගේ මළ සිරුරක් මවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබියදි එම පාසල් සිසුවියගේ ඥාතින් විසින් ඊයේ හනුනගෙන තිබෙනවා.
මස්කෙලිය ග්ලැන්ටින් වතුයායේ පදිංචි සෞන්දරාජ් ගිතලා නැමති 16 හැවිරිදි සිසුවියගේ සිරුරයි මෙලෙස ජලාශයේ පාවෙමින් තිබියදි හමු වි ඇත්තේ.
ඇගේ ඥාතින් විසින් මස්කෙලිය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුනේ එම සිසුවිය දින තුනක් තිස්සේ නිවසින් අතරුදහන්ව සිටින බව හේතුවෙන් වන අතර පොලිසියට ඊයේ උදෑසන එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයන් විසින් දැනුම් දී තිබෙන්නේ මස්කෙලිය පොලිසියට පිටුපස ජලාශයේ කාන්තා මල සිරුරක් පාවෙමින් තිබෙන බවයි.
එම සිසුවියගේ සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයගේ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂනය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි වැඩිදුරටත් පොලිසිය ප්‍රකාශ කළේ.

