gossiplanka alexa කුප්‍රකට පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ජනප්‍රිය පුද්ගලයින් සමග සුපිරි හෝටලයකදී කොටුවුණේ මෙහෙමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුප්‍රකට පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ජනප්‍රිය පුද්ගලයින් සමග සුපිරි හෝටලයකදී කොටුවුණේ මෙහෙමයි

ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙරට සුප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙක් ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක් ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

මෙලෙස මෙම සාදය සංවිධානය කර තිබෙන්නේ මාකඳුරේ මධුෂ්ගේ පුතුනුවන්ගේ උපන් දිනය සැමරීම සදහා වන අතර සාදය සඳහා ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටින ප්‍රබල පාතාල සාමාජිකයින් හට ඔහු විසින් ආරාධනා කර තිබු බව වාර්තා වෙනවා. වාර්තා වන ආකාරයට මධුෂ්ගේ මෙම සාදය සම්බන්ධයෙන් මෙරට සිටින ආරක්ෂක අංශ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මත මෙරට ආරක්ෂක බලධාරීන් සහ ඩුබායි පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසිනුයි මෙම මෙහෙයුම සැලසුම් කර තිබෙන්නේ.

ඒ අනුව 4වෙනිදා රාත්‍රියේදී ශ්‍රී ලංකා - ඩුබායි ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය විසින් සාදය පැවැත්වෙමින් තිබූ ස්ථානය වටලා තිබෙන අතර එහි සිටි මාකදුරේ මධුෂ් සහ පාතාල නායකයින් වන කෙසෙල්වත්ත දිනුක්, කනිචපානි ඉම්රාන්, අංගොඩ චුටි ඇතුළු අපරාධකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.  මෙහෙයුම සිදු වූ අවස්ථාවේදී සාදයට පැමිණෙමින් සිටි තවත් ප්‍රබල පාතාල සමාජිකයින් කිහිපදෙනෙකුම මේ පුවත දැන ගත් විගස ඔවුන් එම ස්ථානයෙන් පැන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. කොස්ගොඩ සුජි එලෙස පැන ගිය එක් පාතාල නායකයෙක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අත්අඩංගුවට පත් වූ පාතාල සාමාජිකයන් අතර මෙරට ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවෙක්ද වේ. අමල් පෙරේරා සහ මෙම පාතාල නායකයින් සමග ඇති සම්බන්ධයක් කුමක්ද යන්න ගැන මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි. අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස සන්තකයේ තිබී හෙරොයින් සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍යද සොයා ගෙන ඇත.

වැඩිදුරටත් වාර්තා වන්නේ දැනට මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග පිලිබදව දෙරටේ බලධාරීන් සාකච්ජා කරමින් සිටින බවයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu