gossiplanka alexa ATM යන්ත්‍ර භාවිතාකරනවනම් ප්‍රවේශම්වන්න - ATM කාඩ්පත්වලින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ගැන හෙළිවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ATM යන්ත්‍ර භාවිතාකරනවනම් ප්‍රවේශම්වන්න - ATM කාඩ්පත්වලින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ගැන හෙළිවෙයි

සුගිය දින කිහිපය තුළම ATM යන්ත්‍ර වලින් මුදල් වංචා කිරීමේ සිද්ධි රැසක්ම අසන්නට දැනගන්නට ලැබුණා. මෙම වංචාවන් සිදුව තිබෙන්නේ කොළඹ, රාජගිරිය, කළුබෝවිල, මිරිස්ස ඇතුළු ප්‍රදේශවල වන අතර ඒ ප්‍රදේශ වලින් ලැබුණු පැමිණිලි අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබුණා.
එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ප්‍රකාශ කර සිටියේ එම විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස පසුගියදා පානදුර නගරයේදී යුක්රේන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මුදල් ජාවාරමේ නිරත වුණු ශ්‍රී ලාංකිකයින් ඇතුළු නයිජීරියා ජාතිකයින් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගත් බවයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ සයිබර් අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කසුන් ද සොයිසා පෙන්වා දුන්නේ මේ ආකාරයට අපගේ ATM Card පත්වල ඇති දත්ත සොරා ගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන යන ජාවාරම් කරුවන් ATM  යන්ත්‍රයට අප Card පත ඇතුළු කිරීමේදී  එහි අලවන ලද Electronic Device එකක් මඟින් අපගේ  Card පතෙහි දත්ත ලබාගෙන ඉන් අපගේ කාඩ්පතෙහි පිටපතක් ලබාගැනීමෙන් අනතුරුව මෙම මුදල් ජාවාරම සිදුකරන බවයි. එසේම  මෙම ජාවරම් කරුවන් බැංකු නිවාඩු දිනයන්හිදි බැංකු සේවකයින් ලෙස සහ යන්ත්‍ර අලුත්වැඩියා කරන්නන් ලෙස පෙනී සිටිමින් මිනිසුන් නොමඟ යවා  මුදල් වංචා කරන බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම ජාවාරම් කරුවන්ට හසුනොවී අපගේ Card පතහෙ දත්ත ආරක්ෂා කරගන්නා ආකරය ලෙස ඔහු පෙන්වා දුන්නේ, රහස් අංකය ඇතුලත් කිරීම සඳහා ඇති Pin pad එකට උඩින් යම් ආගන්තුක දෙයක් සඟවා තිබේද යන්න පිළිබඳව විමසිලිමත් වීම,  ATM යන්ත්‍රයට අප Card පත ඇතුළු කිරීමට පෙර කාඩපත් රඳවනය අසල ඇති කට ඔනෑවට වඩා ඉදිරියට පැමිණ ඇත්දැයි විමසිලිමත්වීම සහ වැඩිදුරටත් ඔහු කියා සිටියේ බැංකු සේවා මඟින් පවත්වාගෙන යන SMS සේවාවක් හා ලියාපදිංචි වී සිටීම තුළින් ඔබේ ගිණුමේ මුදල් ලබා ගැනීමේදී ඒ පිළිබඳ දැනුවත් වීමේ හැකියාව ලැබෙන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu