gossiplanka alexa ඇමරිකානු යුධ උපකරණ රැගත් ගුවන් යානා කටුනායකට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමරිකානු යුධ උපකරණ රැගත් ගුවන් යානා කටුනායකට

මෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් යුධ උපකරණ රැගත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා කටුනායකට පැමිණ ඇති බවයි වාර්තා වෙනවා. එලෙස පැමිණ තිබෙන්නේ ඉන්දීය සාගරයේ ඇති ඇමරිකානු  යුද නැව්වලට  උපකරණ සැපයීමේ මෙහෙයුමක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් සිදු කිරීමටයි.
කෙසේ නමුත් වාර්තා වෙන්නේ එම ඇමෙරිකානු නාවික ගුවන් යානාවලින් ගෙන එන උපාංග සහ භාණ්ඩ පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාවේ රේගුවට, හමුදාවට හෝ පොලිසියට අවසර නැති බවයි.

පසුගිය සිකුරාදා (25දා) ඒ සී. 40 වර්ගයේ හර්කියුලස් යානා මගින්  එම ආයුධ කටුනායක ගුවන්තොටුපළට ගෙනවිත් තිබෙන අතර එම අවි ආයුධ ඉන්දීය සාගරයේ ඇති ජෝන් ස්ටෙන්නිස් නමැති න්‍යෂ්ටික බලයෙන් ක‍්‍රියාකරන යෝධ ගුවන් යානා ප‍්‍රවාහන නැවට ද සැපයෙන බවයි සඳහන් වන්නේ.

එසේම ඇමෙරිකානු නාවික හමුදාවේ යානාවලට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීම සඳහා රජය අවසර දී තිබෙන්නේ කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ශ‍්‍රී ලංකා රජය අතර පසුගිය වසරේ අගෝස්තු 28 දා  ඇති වූ එකඟතාව මතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu