gossiplanka alexa කිරලාගල චෛත්‍යයට නැග්ග සිසුන් අත්අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කිරලාගල චෛත්‍යයට නැග්ග සිසුන් අත්අඩංගුවට


හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍යය මතට නැග ලබාගත් ඡායාරූප සම්බන්ධ පසුගිය දිනවල අන්තර්ජාලය තුළ ආන්දෝලනයක් ඇති කළ අතර මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයකද ඇරඹී තිබුණා
.එලෙස ඡායාරූප ගෙන සමාජ ජාලාවෙත මුදාහැර තිබෙන්නේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු උපාධි ශිෂ්‍යයන් හත් දෙනකු බවත්  පසුව ඔවුන් අම්පාර ප‍්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්දයෙක් පොලිස් විමර්ශන සිදුව තිබෙන්නේ පසුගිය සමයේ පිදුරංගල විහාරයේ අසභ්‍ය ලෙස හැසිරීමට අදාළ ඡායාරූප ගැන විමර්ශන සිදු වූ ආකාරයටමය.

එසේම පොලිසිය පවසන්නේ  සිසුන් 07 දෙනාම හඳුනාගෙන තිබෙන්නේ අනුරාධපුර පුරා විද්‍යා කලාපයේ කිරලාගල කලාප භාර පුරාවිද්‍යා නිලධාරියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන කිරීමෙන් පසුව බවත්ය.  මෙම ස්ථානයේ පොලිසිය පවසන ආකාරයට ආරක්‍ෂාවට යොදා සිටින්නේද මුස්ලිම් ජාතිකයකු බවත් සිදු කළ විමර්ශනවලදී මෙම පෞරාණික ස්ථානය නැරඹීමට නිතර සංචාරකයින් පැමිණෙන බවත් එය පුරාවිද්‍යා ස්ථානයක් බවට නාම පුවරුවක්වත් යොදා නැති බවත් හෙළි වූ බව පැවසීය.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් පුරාවිද්‍යා ස්ථානයට හානියක් කළ බවට වාර්තා වී නැතැයි පොලිසිය වාර්තා කර අතර අද(24දා) අත්අඩංගුවට ගත් සැකකරුවන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu