gossiplanka alexa කෝටි 700 දියමන්ති කොල්ලය පිටුපස මදුෂ් සමඟ අමල් සහ රයන් සිටින බවට පොලිසියට සැකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෝටි 700 දියමන්ති කොල්ලය පිටුපස මදුෂ් සමඟ අමල් සහ රයන් සිටින බවට පොලිසියට සැකයක්

සුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ පාතාල නායක මධුෂ් සමඟ සිටි ගායන ශිල්පී අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් රෝයන් යන කලාකරුවන් දෙදෙනා මහරගම ඇරැව්වල ප්‍රදේශයේදී සිදු වූ රුපියල් කෝටි 700 දියමන්ති මංකොල්ලය පිටුපස සිටින බවට පොලිසිය සැකකරන බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ප්‍රකාශ කර තිබෙනවා.

මහරගම ඇරැව්වල ප්‍රදේශයේදී කෝටිපති මැණික් ව්‍යාපාරියකුගෙන් පැහැරගෙන ගිය රුපියල් කෝටි 700 දියමන්ති මංකොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුගෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිවූ තොරතුරු මත මීට සති තුනකට පමණ පෙර රයන් රෝයන් මිරිහාන විශේෂ අපරාධ ඒකකයට ගෙන්වා කට උත්තරයක් ලබාගෙන තිබෙන අතර ගායන ශිල්පී අමල් පෙරේරාටද කැඳවීමක් කර තිබුණි. එනමුත් ඔහු විදේශ ගතව සිටි නිසා කට උත්තරයක් ගැනීමට නොහැකි වූ හේතුවෙන් නැවත ඔහු දිවයිනට පැමිණි පසු පොලිසියට පැමිණෙන බවට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පොලීසිය විසින් රයන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු මාකඳුරේ මධුෂ් නමැත්තකු නොදන්නා බව ප්‍රකාශ කර තිබේ. නමුත් ඔහුගේ දුරකථන සම්බන්ධතා පරීක්ෂා කර ඇති අතර විමර්ශන වාර්තාවලට අනුව ඔහු ඩුබායි රට සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවද අනාවරණය වී තිබෙනවා.

මහරගමදී සිදු වූ මෙම කෝටි 700 දියමන්ති මංකොල්ලය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී විදේශිකයා මෙරටින් බැහැර ගොස් ඇති බවත් ඩුබායිහි සිටි මාකඳුරේ මධුෂ් වෙත එම කෝටි 700ක් වටිනා දියමන්තිය ලබාදී ඇති බවත් හෙළිකරගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu