gossiplanka alexa මෙරට දරුවන් ක්‍රිකට් පුහුණු වෙන හැටි දැක සංවේදී වු ඕස්ට්‍රේලියානු යුවළගෙන් මෙරටට තෑගි කන්දක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරට දරුවන් ක්‍රිකට් පුහුණු වෙන හැටි දැක සංවේදී වු ඕස්ට්‍රේලියානු යුවළගෙන් මෙරටට තෑගි කන්දක්

සංචාරය සඳහා පසුගිය වසරේ ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු යුවළක් මෙරට දරුවන් ඉතා අඩු පහසුකම් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව පුහුණුවන ආකාර දැක සංවේදී වී තිබෙනවා.
එම නිසා සංචාරය සඳහා මෙරටට පැමිණි මෙම යුවළ වන Aaron Dragwidge සහ ඔහුගේ බිරිඳ වන Kerry Dragwidge විසින් අප රටේ දරුවන් වෙනුවෙන් සපත්තු 1,403 ක්, ළමා ක්‍රිකට් කට්ටල 200 ක්, ආරක්ෂිත ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ඇතුළු බොහෝ දේ ලබා දීමට කටයුතු කර ඇත.

හිටපු දක්ෂ දඟ පන්දු ක්‍රීඩකයෙක් වන සුරන්ජිත් සිල්වාගේ ඉල්ලීමක් මත මෙම යුවළ මොරටුවේ පවත්වාගෙන යන Cricket Live Foundation ආයතනයට පැමිණි අවස්ථාවේ මෙරට දරුවන් ඉතා අඩු පහසුකම් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු වන ආකාරය දැක තිබෙනවා. එයින් ඉතා සංවේදී වූ මෙම යුවළ නැවත ඕස්ට්‍රේලියාවට ගොස් ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් උපකාර කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබුණු අතර ඒ අනුව සිය සංචාරය නිමා කර නැවත ඕස්ට්‍රේලියාවට ගිය ඔවුන් මෙරට දරුවන් හට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට කටයුතු කර තිබුනා.

ඕස්ට්‍රේලියාවේදී Kerry Dragwidge සේවය කරනා පාසලේ දරුවන්ගේද සහය ඔවුන්ට ලැබී තිබෙනවා. තවද ඔවුන් සිය සමාජ ජලා වෙබ් අඩවි මඟින් මිතුරන්ගේ සහය ඉල්ලා තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හී Mount Waverley Secondary Collage පාසැල් සිසු දරුවන් ඇතුළු තවත් පාසැල් ගණනාවක සිසු දරුවන්, මෙල්බර්න් “ට්‍රයිකෝ” ආයතනයේ අධිපති යසන්ත ඩයස්, නවින් ආසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසකගේ සහයද සහිතව අදාළ ක්‍රීඩා උපකරණ සහ අනෙකුත් දෑ මෙම කටයුතු සම්බන්ධ කරන ලද වර්නන් තිසේරා විසින් මෙරටට ගෙනවිත් තිබේ.

ඒ අනුව ඔවුන් විසින් මෙරටට ලබා දුන් අදාළ ක්‍රීඩා උපකරණ සහ අනෙකුත් දෑ මොරටුවේ Cricket Live Foundation,මොණරාගල,බදුල්ල දික්වැල්ල වැනි ඈත දුෂ්කර පාසැල්වල දරුවන් ගණනාවකට ලබා දීමට කටයුතු කර ඇත. ඉදිරියේදීත් ඔවුන් මෙරට දරුවන් හට ක්‍රීඩා උපකරණ සහ අවශ්‍ය අනෙකුත් දේවල් ලබා දීමට තීරණය කර ඇති බවද දැනගන්නට ලැබුණා.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu