gossiplanka alexa මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට අළුත් පියවරක් ගැනීමට ජනාධිපතිතුමා සැරසෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට අළුත් පියවරක් ගැනීමට ජනාධිපතිතුමා සැරසෙයි

ද සමාජයේ දිනෙන් දින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් වැඩි වීමක් දක්නට ලැබෙනවා. එසේ ඇබ්බැහි වූවන්ට නිසි පුනරුත්ථාපනයක් ලබා දීමේ වැඩ පිළිවෙලක් තවමත් දියත් කර නැති බවක් තමා පෙනෙන්නට තියෙන්නේ.

නමුත් ඒ සඳහා අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය නෛතිකව ස්ථාපනය කෙරෙන තුරු තමයි මෙම මණ්ඩලය පත්කර තිබෙන්නේ.

මත්ද්‍රව්‍යවලට එරෙහි නීති රිති හා වැටලීම් ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය මර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ සේම ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබදව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමුව තිඛෙනවා. ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සදහා අධිකාරියක් පිහිටුවීමට ජනාධිපතිතුමා පසුගියදා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකගතාවය පළ වුණා. එම අධිකාරිය නීත්‍යානුකූල ව ස්ථාපනය කෙරෙන තුරු නොසිට අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් මෙම අන්තර් පාලක මණ්ඩලය පත් කිරීමට ඊයේ (20) ජනාධිපතිතුමා පියවර ගත්තා.

පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින්වහන්සේ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි, විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා, විශේෂඥ මනෝ වෛද්‍ය ධනුජ මහේෂ්, ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය රමණී පෙරේරා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ, හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ශාන්ති නවුකරාසන් යන මහත් මහත්මින් ඇතුථ කණ්ඩායමක් එහි සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu