gossiplanka alexa ක්‍රිකට් ලොකු පු‍ටුවලට තරඟකල අයියා මල්ලී දෙන්නම පරාදයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ලොකු පු‍ටුවලට තරඟකල අයියා මල්ලී දෙන්නම පරාදයි


ක්‍රිකට් කියන්නේ දැන් ලංකාවේ මිනිස්සුන්ගෙන් ටිකෙන් ටික ඈත්වෙලා යන ක්‍රිඩාවක්. ඉස්සර හරිම ආශාවෙන් නරඹපු ක්‍රිකට් දැන් මිනිස්සුන්ට එපා වෙලා. එක දිගටම ලබන පරාජයන් නිසා තමයි ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.


මෙහෙම පරාජය වෙන්න හේතුව ක්‍රිකට් ආයතනයේ තියන පරිපාලන දුර්වලතා කියලයි ගොඩක් දෙනා කියන්නේ. මේ ක්‍රිකට් ආයතනයේ මුල් පු‍ටුවලට නිලධාරීන් පත් කරන්න අද (21) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රිකට් නිලවරණය පැවැත්වුණා.

එහිදී ශම්මිද සිල්වා මහතා ක්‍රිකට් ආයතනයේ මුල් පු‍ටුවට ඡන්ද 83ක් ලබා ගනිමින් තේරී පත් වූ අතර ඔහු සමඟ එම ධූරයට තරඟකල ජයන්ත ධර්මදාස මහතාට ලබා ගත හැකි වූයේ ඡන්ද 56ක් පමණයි.


උප සභාපති ධූරයට තරඟ වැදුණු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ඡන්ද 82ක් ලබාගත් රවීන් වික්‍රමරත්න සහ ඡන්ද 80ක් ලබා ගත් කේ. මතිවානන් යන මහත්වරුන් ඉදිරියේ පරාජයට පත් වූවා.

එසේම ලේකම් තනතුරට තරඟ කල නිශාන්ත රණතුංග මහතා ඡන්ද 96ක් ලබා ගත් මොහාන් ද සිල්වා මහතා ඉදිරියේ පරාජයට පත් වූ අතර නිශාන්ත මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 45ක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතනයේ සාමාජිකයන් වන පළාත්, දිස්ත්‍රික්, පරිපාලන සහ අනුබද්ධ යන සංගම් මෙන්ම ක්‍රීඩා සමාජවල නියෝජිතයින් 142 කු මෙවර නිලවරණයේදී ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu