gossiplanka alexa වේගය අධික නම් බලපත්‍ර අහෝසියි - ජනතාවගේ පැමිණිලි භාරගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වේගය අධික නම් බලපත්‍ර අහෝසියි - ජනතාවගේ පැමිණිලි භාරගැනේ

ධික වේගයෙන් ධාවනය වන බස් රථ නිසා සිදුවන අනතුරු වැඩි වෙමින් පවතිනවා. එකිනෙකා පරයමින් ගමන් කිරීමට උත්සාහා කිරීම බස් රථ රියදුරන්ගේ සුපුරුදු ක්‍රියාවක්. එසේ ගමන් කිරීමේ දී අනෙකාට සිදුවන හානි පිළිබඳවනම් බොහොමයක් රියදුරන්ට තැකීමක් නැහැ.


අධික වේගය නිසා සිදුවන මෙම අනතුරු අවම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවරක් ගෙන තිබෙනවා. වේග සීමා උල්ලංඝණය කරමින් ධාවනය වන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීම තමයි ඒ පියවර වන්නේ.

එම කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප්‍රකාශ කළේ අධික වේගය හේතුවෙන් සිදු වන අනතුරු අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බවයි.

මෙලෙස අපරික්ෂාකාරීව ගමන් කරන බස් රථ සම්බන්ධයෙන් 1955 අංකයට පැමිණිලි කළ හැකි බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu