gossiplanka alexa අලුත් අවුරුද්ද උදාවෙද්දී ලැබ්‍රඩෝ සුනඛයාට කූඩුව ඇතුලේදී ගිණි තියලා - (ඡායාරූප)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අලුත් අවුරුද්ද උදාවෙද්දී ලැබ්‍රඩෝ සුනඛයාට කූඩුව ඇතුලේදී ගිණි තියලා - (ඡායාරූප)

2019 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයෙක්ට ගිනි තබා මරණයට පත්කළ සංවේදී පුවතක් ගැන වාර්තා වෙනවා. මේ සිදු කර ඇති අමානුෂික ක්‍රියාව පිළිබඳව සමාජ ජාලා ඔස්සේ

බොහෝ දෙන අතර කතා බහට ලක් වෙමින් පවතිනවා. මෙම සුනඛයා මීගමුව ප්‍රදේශයේ නිවසකදී මෙලෙස ගිනි තබා ඇති අතර පසුදිනම බොහෝ වේදනාවකින් එම සුනඛයා මියගොස් තිබෙනවා.

චාලි නමින් හඳුන්වන මෙම සුනඛයාට සිදුවූ අපරාධය සම්බන්ධයෙන් මේ වනවිට මීගමුව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙවෙනි සිදුවීම් නැවත අප රට තුළ සිදු නොවීමටනම් මෙම අපරාධ කළ තැනැත්තන්ට නිසි දඬුවම් ලැබිය යුතුයි. නොමිනිසුන් විසින් සිදුකර ඇති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් බොහෝ දෙනා පිළිකුළෙන් යුතුව හෙළා දැක තිබුනා.
මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ තිබු එක් සටහනක් අපි පහතින් දක්වා තිබෙනවා.

මේ 2019 ආරම්භයේ දැකපු ඛේදවාචකයක්!!
අවුරුදු 2ක් පමණ වයසැති මේ ලැබ්‍රඩෝග් වර්ගයේ සුනඛයා අද පාන්දර කුඩුව අතුලේදිම පණ පිටින් කිසියම් තිරිසන් මිනිසෙකු/මිනිසුන් විසින් ගිනි තබා තිබෙනවා.මේ සිදුවීම මීගමුව ප්‍රදේශයේ සිදුවි ඇත්තේ. දරුනු ලෙස පණ පිටින් අමු අමුවේ පිලිස්සුනු මේ අහින්සකයා මේ වන විට මිය ගිහින්.
මේ සිදුවීම මිනිසෙක්ට වුනානම් නීතිය,සාධාරණය ගැන ඕන තරම් තර්ක පහල වේවි.
හිතන්න. මේත් ජීවිතයක්. වල් බල්ලෙක්ද, හොද බල්ලෙක්ද,හරකෙක්ද, පුසෙක්ද,අලියෙක්ද,ඌරෙක්ද, කුකුලෙක්ද කියන එක නෙමෙයි. මේ අපෙන් අයින් වෙන මනුස්සකම. සතෙක් ගැන පහල නොවෙන කරුණාව කිසිම දවසක ඔබ කෙරෙහි,ඔබේ දරුවා කෙරෙහි ඇති වේවිද.
තිරිසන් මිනිසාට මිනිසත්කම බලෙන් පෙවිය නොහැකි වුවත් නීතිය සතුන් වෙනුවෙන්ද ක්‍රියත්මක විය යුතුයි. මේ වෙනුවෙන් දණ්ඩන නීති පැනවිය යුතුයි.
මේ අපරාධය කරපු තිරිසන් මිනිසා කොහේ හෝ අවුරුදු සමරනව ඇති.සතුටු වෙනව ඇති. යාලුවා... ඔබ වෙනුවෙන් මගේ ප්‍රාර්ථනය මෙහි කර්මය ඔබ වෙත ඉක්මනින් පැමිණේවා!!



gossiplanka.com
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu